තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඊට එරෙහි වෙන්නැයි ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලිසිය ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇත්තේ 2016 ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු වලදී සිදුවුණු සිදුවීමක් නිසාය. අසැබි නළියක වන ස්ටෝර්මි ඩනියෙල්ස් සහ ට්‍රම්ප් අතරේ ‘හුටපටයක්’ පැවැතිණි.
ස්ටෝර්මි ඩනියෙල්ස් නිහඬ කිරීමට ට්‍රම්ප් ඇයට ඇමෙරිකන් ඩොලර් 1,30,000 ක මුදලකත් ගෙවා තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත් වෙයි. තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහි වෙමින් විරෝධතා පවත්වන්නැයි ට්‍රම්ප් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබේ. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය.
(රොයිටර්)