
(අංජුල මහික වීරරත්න)
බෝ නොවන රෝග වලින් තරුණ ප්‍රජාව මුදා ගැනීමටත්, මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් ක්‍රීඩාශීලී සහ නිරෝගී පරපුරක් බිහි කිරීමටත් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමිනි.
"තාරුණ්‍යය බලගන්වන, සාමුහිකත්වය දිනවන" තේමාව යටතේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විණි.
සමාප්ති උළෙල සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ද සහභාගී විය.
පසුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික බංකොලොත්භාවය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය හේතුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ප්‍රතිරූපය කෙලෙසී තිබූ යුගය දැන් අවසන් වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තරුණ ප්‍රජාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි පරිසරයක් මේ වන විට සකස් වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් කළේය.
රටක් ඉදිරියට යාමට ආර්ථිකය ස්ථාවර වීම මෙන්ම ක්‍රීඩාව, කලාව, විද්‍යාව හා තාක්ෂණය ඇතුළු සියලු අංශ ඊට සමගාමීව දියුණු විය යුතු බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd