
(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිළ ඉහළ දැමුවද බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.
ඉන්ධන මිලෙහි වැඩිවීම දරාගෙන බස් රථ ධාවනයට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රකාශ කළේය.
බස් ගාස්තු පිලිබඳ ජාතික ප්රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට නම් ඩීසල් මිල සියයට 4කට වැඩි අගයකින් ඉහළ යා යුතුව ඇති වුවත් මේ මොහොතේ ඉහල ගොස් ඇත්තේ සියයට 1.4 කින් බවද ඔහු පැවසීය.
ඉන්ධන මිල තවත් රුපියල් 15 ත් 20 ත් අතර මුදලකින් වැඩිවුවහොත් බස් ගාස්තු සංශශෝධනයක් කිරීමට සිදුවන බවද විජේරත්න මහතා තවදුරටත් ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd