
(සුජිත් හේවාජුලිගේ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අන්තවාදය ගැන එදා කතා කරද්දි කිසිම ආණ්ඩුවක් එය ගණන් නොගත් බවත් සියලු දෙනාගේ ඇස් ඇරුණේ පාස්කු ප්‍රහාරය සිදුවූ පසුව බවත් හිටපු අමාත්‍ය සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
උන්වහන්සේට ජනාධිපති සමාව එදා පිරිනැමුවේ ඒ තත්වය සැලකිල්ලට ගෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර ඒ වැරැද්ද නිවැරදි කළ බවද ඔහු කීය
එදා ආණ්ඩු උන්වහන්සේගේ අනාවරණය ගණන් නොගත් හෙයින් සීඅයිඩිය ඇතුළු විමර්ශන අංශද නිහඬව සිටි බව පැවසූ කිරිඇල්ල මහතා ඥානසාර හිමියන් පැවසූ කාරණය සත්‍යයක් බව පසුව සියලු දෙනාටම වැටහුණේ යැයිද සඳහන් කළේය.
උන්වහන්සේ සමහර අවස්ථාවලදී සීමාව ඉක්මවා යෑම වෙනම කාරණයක් බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd