(දයාරත්න ඇඹෝගම)
මිරිසවැටිය පුදබිමේ පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවි මිරිසවැටිය රථගාලේ අට්ටාලයක් ඉදිකිරිමේ චෝදනා මත වෙළෙද වෙළදියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මිරිස වැටිය රථගාලේ තමන්ට වෙළදාම් කිරිම සදහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා මිරිසවැටිය නව රථගාල ඉදරිපිට වෙළදුන් පිරිසක් පසුගිය (28)දින උද්ඝෝෂණයක නිරතවුහ.
මිරිසවැටිය රථගාලේ අවුරැදු තිහක පමණ කාලයක සිට වෙළදාමේ නිරතව සිටි තමන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයෙන් අගෝස්තු මාසේ 22 වැනිදින සිට ඉවත්කිරිමට විරෝධය දක්වමින් එම වෙළදුන් මෙම උද්ඝෝෂණයේ නිරතවුහ.