මිල්ලනිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට  මන්ත්‍රීවරිය ඉකුත් 30 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව මිල්ලනිය බටගොඩ ගුඩ්හොෆ්වත්ත නිවසේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.