(අංජුල මහික වීරරත්න)
ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි.
ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දු වන බොහෝ ක්ෂේත්‍රයන්හි දෙරටේ ජනතාව අතර වැඩි සමීපබවක් සහ සහයෝගීතාවක් සඳහා ඇති අවස්ථා පුළුල් කරනු ඇති බවයි.