(හිරාන් ප්රියංකර ජයසිංහ)
පුත්තලම සිරම්භිඅඩිය ප්රදේශයෙ යතුරු පැදියක් බස් රථයක ගැටි සිදුවු අනතුරීන් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තවත් බරපතල තුවාල ලැබු තරුණයකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කරුවලගස්වැව කුඩා මැදවච්චිය ප්රදේශයෙ පදිංචිව සිටි 21 හැවිරිදි අවිෂ්ක රසාංජන නැමති කරුවලගස්වැව ඉන්ධන හලක සේවය කළ තරුණයකු බව කියයි.
අනතුරීන් මරණයට පත්වු තරුණයා හා තවත් තරුණයකු කරුවලගස්වැව සිට යතුරු පැදියකින් පුත්තලම දෙසට ගමන් කරමින් සිටියදී සිරම්භිඅඩිය ප්රදේශයෙදී මිතුරේකු හා මිතුරීයක මාර්ගය ප්රති විරුද්ධ දිශාවේ සිට අතවනා ඇති බවත් එහිදි යතුරු පැදිය මාර්ගයෙ අනෙක් දිශාවට යූටන් හැඩයට හැරවිමට යාමේදි අනුරාධපුර සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක එකවර ගැටි මෙම අනතුර සිදුව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසියෙ රථවාහන අංශ නිළධාරීන් සිදුකල විමර්ශන වලදි හෙළිව තිබේ.