යාපනයේ නිවසක අඹු සැමි යුවළක් ඝාතනය කරලා


(රොමේෂ් මධුෂංක)

යාපනය පේදුරුතුඩුව කර්කෝවලම් ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අඹුසැමි යුවලක් ඝාතනය කොට තිබියදී මළසිරුරු අද (30) දින සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 54 හැවිරිදි මාණික්කම් සුබ්‍රමිණියම් සහ ඔහුගේ බිරිඳ වූ 53 හැවිරිදි මේරි සුබ්‍රමණියම් යන අයයි.

මිය ගිය සැමියාගේ මිතුරෙකු ඔහුට දුරකතන ඇමතුමක් අද උදෑසන ලබදී එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුගේ නිවසට ගිය මිතුරා නිවස පරික්ෂා කිරීමේදී අදාල අඹුසැමි යුවලගේ මළසිරුරු දැක ඒ් බව අසල්වාසීන්ට හා පොලීසියට දැනුම් දී ඇත.

මිය ගිය සැමියා පේදුරුතුඩුව රෝහලේ රෙදි සේදීම කරන අයෙකු බවටද අනාවරණය වී ඇති අතර අදාල ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මිය ගෙස් සිටි අඹුසැමි යුවල ආසන්නයේ පහර දීම සිදුකරන ලද බවට සැකකෙරෙන කොන්ක්‍රීට් ගල් කිහිපයක් තිබී හමු වී ඇති අතර අදාල ගල් වලින් පහරදීමෙන් මෙම ඝතනය සිදුකොට ඇතැයි පොලීසිය සැකපල කර සිටියි.