(අමදෝරු අමරජීව )
පුල්මුඩේ සිට ත්රිකුණාමලය බලා ධාවනය වූ වෑන් රථයක් ත්රිරෝද රථ දෙකකට ඉස්සර කිරීමට යාමේදී එම ත්රීරෝද රථ දෙකෙහි ගැටී වෑන් රථය වගුරු බිමකට පෙරළී යෑමෙන් 09 දෙනකු තුවාල ලැබූ බව නිලාවේලි පොලිසිය කියයි.
අයහපත් කාලගුණයක් පැවැති අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති අතර වෑන් රථය තීරෝද රථ දෙකට ඉස්සර කිරීමට යෑමේදී ඊට ප්රතිවිරුද්ධ දිසාවෙන් යතුරු පෑදියක් ධාවනය වී තිබේ.
සිදුවීමට ගිය අනතුරක් වැළැක්වීම සඳහා වෑන් රථය රියදුරු රථය වම් පසට හරවා ඇති අතර එහිදී එක් ත්රීරෝද රථයක ගැටී ඇතැයි පොලිසිය කියයි.
අනතුරට පත් ත්රිරෝද රථය ඉදිරියෙන් ගිය ත්රිරෝද රථයේ වැදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.