ලොව ජනප්‍රියම නායකයා මෝදි


ජනප්‍රියම ලෝක නායකයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, ඇමෙරිකාව කේන්ද්‍රකොටගත් ‘මෝනිං කොන්සල්ට්’ නමැති සමාගමේ සමීක්ෂණ වාර්තා අනුවය.

‘මෝනිං කොන්සල්ට්’ ලෝක නායකයන් සම්බන්ධයෙන් මත විමසුම් පවත්වා තිබේ. ජනප්‍රියම ලෝක නායකයා තෝරා ගැනීම සිදුවී ඇත්තේ ඒ අනුවය. එම මත විමසුමට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනප්‍රිය ලෝක නායකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ සියයට 76 ක මනාව ලබා ගනිමිනි.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටින්නේ මනාප සියයට 66 ක් ලබා ගත් මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රේස් මැන්වෙල් ලෝපේස්ය. ස්විට්සර්ලන්ත ජනාධිපති ඇලෙන් බෙසර්ග් තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඒ, සියයට 58 ක මනාප ලබා ගනිමිනි.