වන්නියේ දරුවන්ට චිත්‍ර පෙපරේ සමඟ උත්තර පත්‍රයත් දීලා


(විශේෂ වාර්තාකරුවකු විසිනි)

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා  තෙවනවාර පරීක්ෂණයේදී අද (07) දින ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර  කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද සිසුන් වෙත ලබාදී අ‍ැ‍ති බව මව්පියෝ පවසති.

හත ශ්‍රේණිය චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද එහි පිටුපස  මුද්‍රණය කොට අ‍ැති අතර එ‍් පිළිබඳ නොදත් ගුරුවරුන් විභාගය අ‍ාරම්භ කිරීමෙන් පසු ප්‍රශ්න පත්‍රය ළමුන්ට ලබාදීමෙන් අනතුරුව පිළිතුරු පත්‍රය පිළිබඳ නිරීක්ෂණය වී අ‍ැති බව සඳහන් කරයි. 

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් බහුතරයක් පාසල් ප්‍රශ්න පත්‍රයේ තිබූ පිළිතුරු කොටස සමඟ ලබා දී අ‍ැති අතර පාසල් කිහිපයක් එම කොටස ඉවත්කර ළමුන් වෙත ප්‍රශ්න පත්‍රය ලබාදී අ‍ැති බවත් පවසති.

මේ හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් සිදුව අ‍ැති බවත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ පසු බලධාරීන් කිසිවෙකු ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කිරීමකින් තොරව පාසල් වෙත ලබාදී අ‍ැතැයිද කීය.

පාසල් ළමුන් මුදල්ගෙවා ප්‍රශ්න පත්‍රය ලබාගැනීම සිදුකරන බවත් වගකීමක් නොමැති නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් වන බවත් පැවසීය.

මීට අමතරව පසුගියදා ලබාදුන් 11ශ්‍රේණියේ සිංහල හා සාහිත්‍යය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කොටස් කිහිපයක් '' වට්ස්ඇප් '' පණිවිඩයක මගින් පාසල්වෙත එවා අ‍ැති බවත් එවා ගුරුවරුන් විසින් කියවා ළමුන්ට පිළිතුරු ලිවිමට දී අ‍ැති බවත් හය ශ්‍රේණිය පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රයද අන්තර් ජාලෙය් තිබූ ප්‍රශ්න පත්‍රයක් බවත් මාපියෝ වැඩිදුරටත් පැවසීය.

ගැටළුව සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අ‍ාර්. වීරසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් උත්සහය අසාර්ථක විය.