දීර්ග කාලයක් සිරගත ව සිට, නිදොස් කොට නිදහස් ලැබූ රැඳවියා බවට ඇමෙරිකන් කළු ජාතික ග්ලින් සිමෝනස් සැලකෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ග්ලින් සිමෝනස් වසර 48ක්, මාසයක් සහ දින 18ක් සිරගත ව සිටි අයෙකි.
1974 දී ඝාතනයක් සම්බන්ධයෙන් ඔහු සිරගත වී ඇති අතර, ඔක්ලහෝමා විනිසුරුවරයකු විසින් ඔහු ව නිදොස් කොට නිදහස් කර තිබේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 70 කි.
ඔක්ලහෝමා නගරයේ තදාසන්න ප්‍රදේශයක මත්පැන් අලෙවිසලක් කොල්ලකෑමක දී කැරොලින් සූ රොජර්ස් නමැති පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ග්ලින් සිමෝනස් ට චෝදනා එල්ල වී තිබිණි. 1975 දී සිරදඩුවම් නියම වෙද්දී ඔහුගේ වයස අවුරුදු 22කි.