වසර හතරකට පසු ඝාතනයකට සැක තිදෙනෙකු අල්ලයි


( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

මීට  වසර   හතරකට  පෙර  බලන්ගොඩ  හතරභාගේ  ප්‍රදේශයේදි  47  හැවිරිදි  පුද්ගලයෙකු  ඝාතනය  කර සත්‍ය   වසන්  කරමින්   සිටි  සැකකරුවන්   තිදෙනකු  අද  (03)  දා  අත්අඩංගුවට   ගත්  බව  රත්නපුර  අපරාධ  විමර්ශන  කාර්යාංශයේ   නිළධාරිහු  පැවැසුහ.

බලන්ගොඩ  හතරභාගේ  ප්‍රදේශයේ පදිංචිව  සිටි  වික්‍රම  අරංචිචිලාග්  සමන් කුමාර  නැමැති  විවාහක පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර  තිබිණි.

එම  ප්‍රදේශයේම   පදිංචි   සැකකරුවන්   හතර  දෙනෙකු   මෙලෙස   අත්අඩංගුවට   ගෙන  ඇති  බව  එම කාර්යාංශය  පැවැසීය.

2021  වසරේ  පෙබරවාරි   මස  මෙම  පුද්ගලයා රෝහල් ගත කර  ඇති  අතර එහිදී    මියගොස්  තිබෙන  අතර එහිදී   මරණ  කරු බිමට    ඇඳ  වැටි  රෝහල් ගත  කල   බවට  පොලිසියට  සහ බලන්ගොඩ මුලික රෝහලට   පවසන මෙන්  ඝාතනය කර  ඇති  පුද්ගලයන්  විසින්   මරණකරුගේ  පියාට  පවසා තිබෙි.

පියාද ඒ අයුරින් එය සිදු කළද පසුව මරණය පිළිබදව සැක බව පියා විසින්ම පොලීසියට පවසා ඇතැයි කියයි.