විපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම්


කලහකාරීව හැසිරුණැයි චෝදනා ලැබූ ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 78 දෙනකුට පාර්ලිමේන්තුව තහනම් කර ඇත.

පසුගිය දිනෙක, ඉන්දීය පාර්ලිමේන්තුවේ (ලොක්සභාවේ) ආරක්ෂක වළලු බිඳ දමමින්, විරෝධතාකරුන් දෙදෙනකු සභාගර්භයට කඩා වැදී දුම් බෝම්බ දැල්වීය.

මෙය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශාල තර්ජනයක් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ මධ්‍යම රජය, වහා පැහැදිලි කිරීමක් කළ යුතු යැයි විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ කලහ කළහ.

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කෙරුණේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි. තහනමට ලක්වුණු මන්ත්‍රීවරුන්ගෙන් 33 දෙනකු පහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් වන අතර, 45 දෙනකු ඉහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන්ය.

(එන්.ඩී.ටීවී.)