එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ බල කිරීම මැද, ඊශ්‍රායලය හමාස් සටන් විරාමයක් කඩිනමින් ආරම්භ කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුණු යෝජනාවට ඇමෙරිකාව නිෂේධ බලය භාවිතයට ගනිමින් විරුද්ධ විය.
ඇමෙරිකාව ඊශ්‍රායල හිතවාදියකු පමණක් නොව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයන් 5 දෙනාගෙන් කෙනෙකි. බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැලැකී සිටියේය.