(යොහාන් භාසුර)
ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.
ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ශකවරුන් හා ශාඛ නීරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සහල් ආනයනය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් අරුක්ගොඩ මහතා කීය.