සෝමාලි ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ්ගේ පුතු මොහොමඩ් හසන් චෙයික් මොහොමඩ් අත්අඩංගුවට ගැනීමට තුර්කිය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.
ජනාධිපති ප්‍රත්‍රයාට චෝදනා එල්ලවී ඇත්තේ, රිය අනතුරක් සිදු කර, යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු මරණයට පත් වීම සම්බන්ධ සිද්ධියක් මුල්කොට ගනිමිනි.
මෙම අනතුර සිදුවී ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදීය. අනතුරින් පසු මොහොමඩ් හසන් චෙයික් මොහොමඩ් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
තුර්කි රජය වහා ජනාධිපති පුත්‍රයාට සංචාරක තහනමක් පැනැවීමට පියවර ගත් නමුත්, ඒ වනවිටත් ඔහු රටින් පලා ගොස් ඇත. ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කෙරුණේ ඒ අනුවය.
(බීබීසී)