හරි පාරෙන් ඊශ්‍රායලයට ගිය කණ්ඩායමකට යළි රට යන වරම්


(අංජුල මහික වීරරත්න)

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීම ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි.

තරුණයෝ 79 දෙනෙක් මෙම කණ්ඩායමට අයත් වෙති.මොවුනට වසර 5 කුත් මාස 3ක සේවා කාලයක් හිමිවේ.

ලාංකිකයින් වශයෙන් මව්බිමේ ගරුත්වය ආරක්ෂාවන පරිදි වගකීමෙන් කටයුතු කරන ලෙස පිරිසට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම පිරිස දෙසැම්බර් මස 28 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.