හෙරොයින් ගෙන ආ 16 දෙනා යළි රිමාන්ඩ්


දකුණු මුහුදේ දී පසුගිය දා  අත්අඩංගුවට ගත් නැවේ තිබී සොයාගත් හෙරොයින් කිලෝ 101 ගෙන ආ බව කියන පකිස්ථාන හා ඉරාන ජාතිකයන් 13 දෙනා ද ඔවුන්ගේ  ශ්‍රී  ලංකා සගයන් තිදෙනා ද  ලබන මැයි 3 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.