’’ආණ්ඩුව රනිල්ට අත තියන්නේ නෑ’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව රනිල්ගේ නම පාවිච්චි කර එතුමාට ප්‍රහාරයක් එල්ල කරන්න නාට්‍යයක් දැම්මට රනිල්ට අතවත් තියන්නේ නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

බටලන්දේ විතරක් නෙමෙයි හැම දිස්ත්‍රික්කයකම මේ වගේ කඳවුරු තිබුණා. ඒ හමුදා කඳවුර තිබුණේ මේ රටේ ආරක්ෂාව ස්ථාපනය කරන්න.හමුදා කඳවුරු අමාරුවකට දැම්මේ නැහැ . එදා තිබුණු ජවිපෙ භීෂණය පාලනය කරන්න මේ වගේ හමුදා කඳවුරු දාන්න සිදුවුණා.එක්සත් ජාතික පක්ෂයේ වීම වරදක් ලෙස සලකා විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබුවා. මේ ආර්ථිකයට ජවිපෙ  කරපු විනාශය කොපමණද? දේශපාලනඥයන් හැත්තෑවක් ඝාතනය කළා.අධ්‍යාපනවේදීන්, ගුරුවරුන් 52ක් ඝාතනය කලා.ඔත්තු කරුවන් තුන්දාස් ගණනක් ඝාතනය කළා.රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ජවිපෙ ප්‍රචණ්ඩ  කාල සීමාව දැඩිව බලපෑවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.