විවරණ ලැබුණු තැන සනුහරයක් මැද්දේ
තිසරණ සරණ පරිචය නැතුවද ලද්දේ
විසිරුණ මතක මැද විසිරෙන්නැති සද්දේ
වියරණ බිඳුණු දෙබසකි ඔබ පිරිමැද්දේ
වසන්තෙට කලින් එරබදු පිපෙනකොට
ඇසක් ඇසක් පාසා රතු කඳුළු කැට
බසක් ඇසක් වූයෙ ම කවියට අපට
වසක් විසක් නැති ඔය හඬ කරණකොට
තිස්තුන්කෝටියක් උන්නත් මුරකාමී
දෙයියෙක් කොහිද ඔය හද තරමට දෑමී
කැල්මෙන් දෙ ඇස් නලවන සිවගුරුසාමී
කොයියම් බසත් ඔබ ළඟ අවනතකාමී
- මංජුල වෙඩිවර්ධන
2024 අගෝස්තු 28
නිහඬ පොප්ලර් ගස් යට හිම හඬන සීතලේ වෘක බිරුමක් අතර දැනී නොදැනී හීනියට තැවරුණා ආදරේ
විවරණ ලැබුණු තැන සනුහරයක් මැද්දේ තිසරණ සරණ පරිචය නැතුවද ලද්දේ විසිරුණ මතක මැද විසිරෙන්නැති සද්දේ වියරණ බිඳුණු දෙබසකි ඔබ පිරිමැද්දේ
දොරකඩ රතු මැයි ගස අතු ඉති මල් බිම හැලුවේ එක විදිහකට හරියට ම ඊයේ රෑ ඔයා අපේ මඟුල් පින්තූරය බිම ගහපු විදිහට ම
විසල් වැව් මැද පිපුණු සියපත් වෙහෙර වට කඩවීදි පුරවා වැවේ පත්ලට ගෙවූ බිම්කුලි උපයන්න පෙති ලංසු තබලා මලක මෙලෙකට නොවේ මිලකට දහසකුත් මල් නිවන් දැකලා එවන් ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
සිවා