දෙමළ ජාතික සන්ධානය විරෝධතා පාගමනක වත්මන් ආණ්ඩුව විසින් මෙරට දෙමළ ජනතාවට එරෙහිව මර්දන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවට චෝදනා කරමින් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ උතුරු නැගෙනිහිර පළාත් වල සිවිල් සංවිධාන වල එකමුතුවෙන් අද (03) උදෑසන මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කෙරුණි. 03 February 2021
වෛද්‍ය දන්තනාරායන ගාල්ලේදී සමුගනී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරිතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02) පස්වරුවේ දී සිදුකෙරිණි. 02 February 2021
වෛද්‍ය දන්තනාරායන කොරෝනාවෙන් මරුට කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අද (2) උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග පවසයි. 02 February 2021
2019 ත්‍රෛපාර්ශවීය ගිවිසුම ක්‍රියාත්මක කරන්නයි ඉන්දියාවෙන් උපදෙස් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව එරට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 01 February 2021
‘අපි තාම අඳුරේ අතපතගානවා’ “අපි ඉන්නේ තාම අඳුරේ අතපත ගාමින් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ මේ වර්තමාන සාකච්ඡාවන් පිළිබඳව, මේ රටේ දීර්ඝ කාලයක් මන්ත්රීකම් ඇමතිකම් දරාපු මට හරි කනගාටුවක් හිතෙනවා” යැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 01 February 2021
වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 01 February 2021
එ. ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක් ‘කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය යැයි තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා ප්‍රකාශ කරයි. 31 January 2021
දෙමළ ජාතික සන්ධානය නිදහස් සැමරුම වර්ජනය කරන්න යයි මෙවර ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. 31 January 2021
ඇකිරියට අදත් භූකම්පනයක් පස්සර , මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක අද (31) අලුයම 2.56 ට පමණ විශාල ප්‍රමාණයේ භු කම්පනයක් සිදුවූ බව ගම්වාසීහු පිරිසක් පැවැසූහ. 31 January 2021
පළමු දිනයේම 5286 කට එන්නත දෙයි ඉන්දියාවෙන් ගෙන ආ කොරෝනා මර්දන එන්නත් කිරීම ආරම්භ කළ පළමු දිනය වන අද (29) 5286 දෙනෙකුට එන්නත් කර තිබේ. 29 January 2021
මුලතිව් පාසලක කොටි කාලතුවක්කු ගබඩාවක් මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේ දී වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. 29 January 2021
කොරෝනා මඬින්න එන්නත්කරණය අරඹයි ඉන්දියාවෙන් ප්රදානය කරනු ලැබූ, කොවිෂීල්ඩ් නම් කොරෝනා මර්දන එන්නත කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට අද(29) එන්නත් කිරීම ඇරඹිණි. 29 January 2021
ඊළඟ ජනපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් ඕනෑ ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද(28) පැවසීය. 28 January 2021
එන්නත් රැගත් යානය කටුනායකට ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා විය . 28 January 2021
මුතුරාජවෙල සංවේදී කළාපයේ සියලු පෞද්ගලික ඉඩම් රජයට මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයෙහි දැනට පෞද්ගලික පාර්ශ්වයකට අයත් බව කියන කොටස රජයට පවරා ගැනීමට සහ එහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් සදහා අවසර නොදීමට අද (27) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. 27 January 2021
අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. 27 January 2021
ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. 27 January 2021
චොකා මල්ලි රෝහලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. 26 January 2021
කොරෝනා ආසාදිත සිරුරු ආදාහනය නවත්වන්නැයි එ.ජා. සංවිධානයෙන් ඉල්ලයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත. 26 January 2021
ආසාදිත සිසුවියක් පාසල් ඇවිත් 28 ක් නිරෝධායනයට නිකවැරටිය නගරාසන්නයේ පාසලක දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන කොරෝනා ආසාදිත දැරියක් පාසලට පැමිණීමෙන් එම පංතියේ ළමුන් 12 දෙනෙකු සහ පංතිභාර ගුරුවරිය නිරෝධායනයට ලක් කළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය . 26 January 2021
කුඹුරට ගොස් එමින් සිටි ගොවියාව වලසෙකු සපාකාලා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී වලසකු සපා කෑම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබේ. 26 January 2021
15 කට කොරෝනා - ගම්පහ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය වසා දමයි ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවරගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 25 January 2021
සමගි ජනබලවේගයේ සභාපති තනතුර සරත් ෆොන්සේකාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25) පත්කරනු ලැබීය. 25 January 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා-19 ආසාදනය වී ඇති බව තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියෙක් පැවැසීය. 25 January 2021
400 ක් නිරෝධායනයට යැවූ මංගල උත්සව දෙකක් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල මංගලෝත්සව දෙකකට සහභාගී වූ එක් මනාල යුවළකට, කොරෝනා ආසාදනය වී ඇති බවත් අනෙත් මනාල යුවළ ස්වයං නිරෝධානයට ලක් කළ බවත් හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය. 24 January 2021
කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා (24දා) වත්තල කෙළවරපිටියේදී පැවසීය. 24 January 2021
නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට කරදියාන කසළ අංගනයට පළාත් පාලන ආයතන වලින් රැගෙන එන නොදිරන අපද්‍රව්‍ය ටොන් 150ක් කන්ටේනර් පෙට්ටි 8 ක පුරවා කෙරවලපිටිය විදුලි ව්‍යාපෘතියට දිනපතා යැවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය. 24 January 2021
සෞඛ්‍ය ඇමැතිනියටත් කොරෝනා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියය කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ. 23 January 2021
‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්න‘ අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. 22 January 2021
ඇකිරියේ භූ කම්පන 3ක් මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කීපයක අද (22) අලුයම 3.30 ත් 4.00 ත් අතර භූ කම්පන තුනක් සිදුවූ බව ඇකිරිය ගම්වාසීහු පිරිසක් පැවැසූහ. 22 January 2021
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026