ලක්ෂ 77ක හොර දුම්වැටි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් හැත්තෑ හත් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (28) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ .