
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වාහන මිලදී ගැනීමට මුදල් මුදල් යෙදවීම සම්බන්ධයෙන් මතු වු සැකයක් මත මුදල් විශුද්ධීකරණ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගත් කොටවිල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂඛ වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් සිව් දෙනකු ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද සවස (03) නියෝග කළේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් එම සැකකරුවන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මාතර සමුපකාර සමිතියේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 500 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපති චමින්ද ගුණසේකර මහතා රිමාන්ඩ් භාරයට පත් කර සිටින අතර ඊට අදාලව සිදු කළ විමර්ශනයේ දී මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබිණි.
එසේ රිමාන්ඩ් භාරයට පත් කළ සෙසු පිරිස අතර මාතර සමුපකාර රෝහලේ සේවකයකු හා සේවිකාවක ද බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියේ හීටපු අධ්යක්වෙරකු ද වේ.
එම සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබු මෝටර් රථ දෙකක් හා ලොරි රථ දෙකක් ද ප්‍රධාන පොලිස් පරික්ෂඛ වරුනී බෝගවත්ත මහත්මිය සතුව තිබූ මෝටර් රථයක් ද ඉකුත් 16 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd