Asia’s Leading New Resort  සහSri Lanka’s Leading Luxury Resort  ලෙස පිළිගැනීමට ලක් වෙයි
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් World Travel Awards  හිදී 2026 සුවිශේෂී සම්මාන 2කින් පිදුම් ලැබීමට City of Dreams Sri Lanka  පසුගියදා සමත් විය. ඒ අනුව 2026 වසරේAsia’s Leading New Resort  සහSri Lanka’s Leading Luxury Resort  ලෙස එම සම්මාන උලෙළේදීCity of Dreams Sri Lanka  පිළිගැනීමට ලක් විය. 
මෙම සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමෙන් City of Dreams Sri Lanka  දේශීය මෙන්ම ආසියානු කලාපීය සංචාරක ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති විශිෂ්ටත්වය මනාව විදහා දක්වයි. ආසියාවේ සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔවුන් දක්වන දායකත්වයද මේ තුළින් මනාව පිළිබිඹු වේ. එහිදී හිමි කරගනු ලැබූ Asia’s Leading New Resort   සම්මානයෙන් අතිශය තරගකාරී ආසියානු වෙළෙඳපොළක සිය සන්නාම අනන්‍යතාව සාර්ථකව ගොඩනැගීමට දැක්වූ දක්ෂතාව පෙන්වා දෙන අතර ශ්‍රී ලංකාව සතු සුඛෝපභෝගී සංචාරක ව්‍යාපාරයේ පවතින ඉහළ ගුණාත්මකභාවය, විවිධත්වය සහ ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීයමය පරිණතභාවයSri Lanka’s Leading Luxury Resort  සම්මානය මගින් තහවුරු කරයි.
දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ නිකේතනය ලෙස කොළඹ හදවත බඳු පරිශ්‍රයක සුඛෝපභෝගී නවාතැන්, ඉහළම මට්ටමේ භෝජනාගාර, විනෝදාස්වාද අංග, සුවතා මධ්‍යස්ථාන, සාප්පු සවාරි සංකීර්ණ මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරික සමුළු එකම වහලක් යටදී සාර්ථකව සපුරා ගැනීමේ අවස්ථාව City of Dreams Sri Lanka  උදා කර දී තිබේ. 
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති සහ ආයතන සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා මෙසේ සඳහන් කර සිටියේය. “අපගේ පළමු මෙහෙයුම් වසර තුළදීම මෙම ලෝක සංචාරක සම්මාන ද්විත්වය ලබා ගැනීමට ලැබීම අප ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම සම්මාන අප ආයතනය ලැබූ දැවැන්ත සන්ධිස්ථානයක් වන අතරම, අපගේ සේවක මණ්ඩලයේ දැඩි උද්‍යෝගය, කැපවීම සහ සියුම් කරුණු කෙරෙහි දක්වන සුවිශේෂී අවධානය මින් මනාව පිළිබිඹු වනවා. ශ්‍රී ලංකාව තුළ සුඛෝපභෝගී සංචාරක සේවාවේ සහ ඒකාබද්ධ නිකේතන අත්දැකීම්වල නවතම මානයක් බිහි කිරීම අපගේ අරමුණ වූ අතර, මෙම ජාත්‍යන්තර ඇගයීම අපගේ ඉදිරි ගමනට විශාල විශ්වාසයක් සහ ශක්තියක් සපයනවා. අපගේ එකම අභිලාෂය හුදෙක් ලබාගත් ජයග්‍රහණ මත පමණක් රැඳී සිටීම නොව, සේවා ප්‍රමිති තවදුරටත් ඉහළ නංවමින් අපගේ අමුත්තන් වෙනුවෙන් විශිෂ්ටතම අත්දැකීම් නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමේ ජාතික ක්‍රියාවලිය සඳහා අඛණ්ඩව ඉහළම දායකත්වයක් සැපයීමයි.” යනුවෙනි. 
World Travel Awards  2026 හිදී අත්කරගනු ලැබූ මෙම ජයග්‍රහණය, Melco Resorts & Entertainment සමාගම සමස්ත ආසියානු කලාපය පුරාම අත්කර ගෙන ඇති ආධිපත්‍යයේ තවත් එක් සුවිසල් පියවරක් ලෙසද සඳහන් කළ හැකිය. මීට අමතරව Macau’s Leading Casino Resort  2026 සහ Macau’s Leading Resort  2026 ලෙස මැකාවුහි City of Dreams  සම්මාන හිමි කරගත් අතරAsia’s Leading Casino Resort  2026 සහ පිලිපීනයේ ප්‍රමුඛතම නිකේතනය Philippines’ Leading Resort  2026 ලෙස City of Dreams Manila සම්මානය දිනා ගන්නා ලදී.