Evolution Auto (Pvt) Ltd විසින් ලංකාවට ගෙන ආ AVATR 07 මෝටර් රථය නිල වශයෙන් ඉකුත්දා කොළඹදී එළිදක්වන ලදී. මෙම විශේෂ එළිදැක්වීම ITC රත්නදීප හෝටලයේ Sangam Ballroom ශාලාවේදී පැවැත්වුණු අතර, එමගින් ලංකාවට සුඛෝපභෝගී සහ උසස් ඩිජිටල් බුද්ධියේ ගමනාගමනය පිළිබඳ නවමු අත්දැකීමක් එක් කිරීමට සමත් විය.

“Build for those who Notice” යන දර්ශනය යටතේ ඉදිරිපත් කරන ලද සුවිශේෂී නිර්මාණයක් වන AVATR 07 මෝටර් රථය නවීන සුවපහසුව, උසස් ඩිජිටල් බුද්ධිය සහ නව්‍ය විදුලි වාහන තාක්ෂණය ඒකාබද්ධ කිරීමකි. මෙම හඳුන්වාදීම Evolution Auto හි වාහන මාදිලි පෙළ තවත් ශක්තිමත් පියවරක් තබමින් ලාංකික මෝටර් රථ හිමියන්ට ගෝලීය වශයෙන් පිළිගත් නව්‍ය බලශක්ති වාහන ගෙන ඒම සඳහා දැඩි ඉලක්කයක් සහිත සමාගමක් බව පසක් කර ඇත.

AVATR 07 මෝටර් රථයෙහි විශේෂත්වය වන්නේ එහි පසුබිම ගොඩනගන තාක්ෂණික හවුල්කාරීත්වයයි. වසර 160කට වැඩි මෝටර් රථ ඉංජිනේරු විද්‍යාවේ අත්දැකීමක් සහිත Changan Automobile සහ උසස් ස්මාර්ට් කැබින් තාක්ෂණය, බුද්ධිමත් රියැදුරු පද්ධති සමග සම්බන්ධිත රථවාහන හැකියාව සඳහා ප්‍රකට Huawei මෙන්ම බැටරි තාක්ෂණික ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛ නිෂ්පාදකයකු වන CATL යන ආයතන තුනේ දායකත්වය AVATR 07 මෝටර් රථයෙහි තාක්ෂණික පදනම ශක්තිමත් කර ඇත. මෙම හවුල්කාරීත්වයෙන් ඉංජිනේරු, තාක්ෂණික බුද්ධිය සහ බලශක්ති නවෝත්පාදනය එකම වාහනයක් තුළ ඒකාබද්ධ වන අතර, AVATR 07 මෝටර් රථයේ නිර්මාණාත්මක හා තාක්ෂණික ගුණාත්මකත්වය එමගින් හැඩගැසී ඇත.

ප්‍රධාන නිර්මාණ මෙහෙයුම් නිලධාරියා වන Nader Faghihzadeh යටතේ නිර්මාණය වූ AVATR 07 මෝටර් රථය සඳහා නිර්මාණ සැකසුම් මූලික සංකල්ප දර්ශනය වන්නේ සමබරතාව යන්නයි. Golden-ratio proportions සහ 0.259ක් වන low drag coefficient එක මගින් එහි sleek හා aerodynamic character එක තවදුරටත් ඉස්මතු වේ. එහි බාහිර නිර්මාණය තුළ දක්නට ලැබෙන සරලත්වය සහ නවීනත්වය, වාහනයේ විශිෂ්ටත්වයේ අනන්‍යතාවය වඩාත් ශක්තිමත් කරයි.

AVATR 07 හි luxury අත්දැකීම එහි බාහිර පෙනුමෙන් අවසන් නොවේ. Nappa leather seats, zero-gravity front seats සහ 8-point SPA massage වැනි පහසුකම් මගින් මගීන්ගේ සුවපහසු සහ නිදහස් කැබින් අත්දැකීමක් නිර්මාණය කරයි. එයට එක්වන panoramic glass roof සහ ambient lighting මගින් කැබින් එකට වඩාත් විවෘත හා ආකර්ෂණීය වාතාවරණයක් එක් කරයි. මේ සියල්ල එකට එක්වන්නේ රිය ධාවනයකට පමණක් නොවන අතර සැබෑ සුවපහසු ගමන් අත්දැකීමක් ලබා දීමටයි.

AVATR 07 මෝටර් රථයෙහි 82.16 kWh CATL LFP battery එක සහ 365 N·m rear motor එක මගින් NEDC අනුව කිලෝමීටර් 575ක් දක්වා ධාවන පරාසයක් ලබා දී ඇති අතර 3.3 kW V2L (Vehicle-to-Load) පහසුකම හරහා වාහනයේ බැටරි ධාරිතාව බාහිර විදුලි උපකරණ සඳහාද භාවිත කළ හැකි බැවින් එය දෛනික භාවිතයේදී වාහනයේ බහුකාර්යතාව තවදුරටත් පුළුල් කරයි.

AVATR 07 මෝටර් රථයේ විශේෂත්වය luxury සහ performance වලින් පමණක් සීමා නොවේ. එහි intelligent technology ecosystem එකද වාහනයේ ප්‍රධාන අංගයකි. 100 TOPS computing capacity සහ sensors 27 කින් සමන්විත intelligent system එක මගින් real-time predictive safety සඳහා අවශ්‍ය තාක්ෂණික පදනම සපයයි. එමගින් වාහනයේ ආරක්ෂාව සහ රිය පැදවීමේ පහසුව නවීන තාක්ෂණය සමග සම්බන්ධ කරයි.