
- බැංකුවේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් රාජ්‍ය හා මහජන අරමුදල් නියෝජනය කරන ආයතන සතුවීම හේතුවයි
- මූල්‍ය පද්ධතියේ වංචා වැළැක්වීමට LankaPay මගින් මධ්‍යගත වංචා නිරීක්ෂණ පද්ධතියක්
නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවේ (NDB ) සිදු වූ බවට හඳුනාගෙන ඇති අභ්‍යන්තර මූල්‍ය අක්‍රමිකතාව වැනි සිදුවීම් හේතුවෙන් රාජ්‍ය අරමුදල්වලට සහ මහජනතාවට සිදුවිය හැකි බලපෑම පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) අවධානය පසුගියදා යොමුව තිබේ.
මෙම මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාව පසුගිය 06 දා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසූ අවස්ථාවේදී මෙම අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතින් නිරික්ෂණ මණ්ඩලය සිදුකර ඇති සොයා ගැනීම් සහ ඉන්දියාවේ Deloitte ආයතනය විසින් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මෙහිදී ඉදිරිපත් කෙරී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල මතු වූ අසාමාන්‍යතා, විගණන ක්‍රියාවලියේ පැවැති අඩුපාඩු සහ අදාළ විගණන වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ.
විශේෂයෙන්ම NDB බැංකුවේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් රාජ්‍ය හා මහජන අරමුදල් නියෝජනය කරන ආයතන සතු බැවින්, මෙවැනි අක්‍රමිකතාවලින් රාජ්‍ය අරමුදල්වලට සහ මහජනතාවට සිදු විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමුව ඇත.
එසේම ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණය සම්බන්දයෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ වගවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරී තිබේ.
විශේෂයෙන්ම NDB බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල පැවැති අසාමාන්‍යතා හඳුනාගැනීමට බාහිර විගණනකරුවන් අසමත්වීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී විමසීමක් සිදු කර තිබේ.
මේ අතර මූල්‍ය පද්ධතිය තුළ සිදුවන වංචා වැළැක්වීම සඳහා LankaPay මගින් මධ්‍යගත වංචා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරී තිබේ.
එසේම එක් එක් බැංකු තුළ සිදුවන ගනුදෙනු නිරීක්ෂණය කිරිම සඳහා බැංකු මට්ටමින් වංචා නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරී තිබේ.
මේ අතර අදාළ වංචා සිදුවීම හේතුවෙන් කිසිදු පාරිභෝගික ගිණුමකට බලපෑමක් සිදු නොවූ බවට මීට පෙර සිදුකළ හෙළිදරව් කිරීම් අවසාන විගණන වාර්තාව මගින්ද තහවුරු කර ඇතැයි මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd