මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරිමට යෝජිත රුපියල් බිලියන 1ක් වටිනා ණයකර නිකුතුවට BBB+ ලෙස අපේක්ෂිත ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරිමක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි.
මෙම ණයකරය වසර පහකින් කල් පිරෙන අතර, එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරිමටද සමාගම බලාපොරොත්තුව සිටියි. මේ හරහා රැස් කෙරෙන මුදල් සමාගමේ නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සැපිරීමට යොදා ගන්නා බවත් පවසයි.
කෙසේ වෙතත් ලබාදුන් මෙම BBB+ අපේක්ෂිත ශ්‍රේණිය, තමන් MBSL වෙත ලබාදී ඇති A ජාතික දිගු කාලීන ශ්‍රේණිය මෙන් ස්ථාන දෙකක් පහළින් පවතින්නක් බවත් ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd