- නිකුත් කිරීමට නියමිතව තිබුණේ 2026 ඔක්තෝබර් මාසයේදී
- දත්ත පිරිසුදු කිරීමේ සංකීර්ණතාව, පරිගණකගත කිරීමේ ප්රමාදය, නිලධාරී පුරප්පාඩු සහ ආර්ථික සංගණනයට අදාළ කටයුතු හේතුවෙන් එය පමා වෙලා
2025 වසරට අදාළ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේ (Household Income and Expenditure Survey – HIES) අවසන් වාර්තාව නිකුත් කිරීම ලබන දෙසැම්බර් මාසය දක්වා කල්යනු ඇතැයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කරුණු අනාවරණය කර තිබේ.
මෙම වාර්තාව 2026 ඔක්තෝබර් මාසයේදී නිකුත් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද, දත්ත පිරිසුදු කිරීමේ කටයුතුවල සංකීර්ණතාව, පරිගණකගත කිරීමේ ප්රමාදය, නිලධාරී පුරප්පාඩු සහ ආර්ථික සංගණනයට (Economic Survey) අදාළ කටයුතු හේතුවෙන් එය නිකුත් කිරීම මෙලෙස 2026 දෙසැම්බර් මාසය දක්වා කල් ගොස් ඇති බව එම නිලධාරීන් කාරක සභාවට දන්වා තිබේ.
මෙම සමීක්ෂණය සඳහා මාස 12ක කාලයක් පුරා දිවයිනේ ගෘහ ඒකක 25,000කින් දත්ත රැස් කර ඇති අතර, එම දත්ත පිරිසුදු කිරීම, සත්යාපනය සහ විශ්ලේෂණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ඔවුන් අනාවරණය කර තිබේ. විශේෂයෙන්ම ආර්ථික හා සමාජීය තත්වයන්හි සිදුවන වෙනස්කම් වඩාත් නිවැරදිව හඳුනාගැනීම සඳහා මෙවැනි සමීක්ෂණවල ප්රතිඵල කාලෝචිතව ප්රකාශයට පත් කිරීමේ අවශ්යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd