- සන්ෂයින් සමූහය Doc 990 ඩිජිටල් වේදිකාවට පිවිසෙයි
- නවලෝක රෝහලේ කොටස් හිමිකම සියයට 12.12 ක් දක්වා ඉහළ නංවයි
මෙරට තුළ ඩිජිටල් සෞඛ්ය සේවා සම්පාදන වේදිකාවක් වන Doc990 හි මෙහෙයුම්කරුවා වන ඩිජිටල් හෙල්ත් (පෞද්) සමාගම තුළ තමන් සතු වූ කොටස් හිමිකාරීත්වය සියයට 64.66 ක සිට සියයට 44.66 ක් දක්වා අඩු වූ බව ඩයලොග් සමූහය පවසයි.
ඒ අනුව මෙහිදී එම සමාගම තුළ කොටස් හිමිකාරීත්වයක් පැවැති ඩයලොග් සමූහයට අයත් පරිපාලිත සමාගමක් වන ඩිජිටල් හෝල්ඩිංග්ස් ලංකා (පෞද්) සමාගම කොටස් 4,500,944ක් අලෙවි කර තිබේ. එය සියයට 20 ක ප්රතිශතයකි. මෙම අලෙවියට පෙරාතුව එය කොටස් 10,703,944ක් එනම් සියයට 47.57ක් විය. ඒ අනුව මේ වනවිට එම කොටස් ප්රමාණය 6,203,944ක් එනම් සියයට 27.57ක් දක්වා අඩු වී තිබේ.
කෙසේ වෙතත් සිය තවත් පරිපාලිත සමාගමක් වන ඩයලොග් ආසිආටා ඩිජිටල් ඉනොවේෂන් ෆන්ඩ් (පෞද්) සමාගම සතුවDoc990 තුළ පැවැති සියයට 17.09 ක කොටසක් මෙහිදී අලෙවි කර නැත. ඒ අනුව Doc990 තුළ ඩයලොග් සමූහය සතු වූ කොටස් හිමිකාරීත්වය සියයට 64.66 ක සිට සියයට 44.66 ක් දක්වා සියයට 20 කින් අඩු වී තිබේ.
මෙහිදී ඩිජිටල් හෝල්ඩිංග්ස් ලංකා (පෞද්) සමාගම අලෙවි කළ කොටස් අතරින් 3,747,132ක් එනම් සියයට 16.65ක් මිලදී ගෙන ඇත්තේ සන්ෂයින් හෙල්ත්කෙයාර් ලිමිටඩ් සමාගමයි. එහි වටිනාකම රුපියල් මිලියන 312.17 කි.
එසේම ඩිජිටල් හෝල්ඩිංග්ස් ලංකා (පෞද්) සමාගම අලෙවි කළ තවත් කොටස් 752,686ක් එනම් සියයට 3.35ක් නවලෝක හොස්පිටල්ස් විසින් මිලදී ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 62.72 කි. නවලෝක හොස්පිටල්ස් සතුව මීට පෙරත් Doc990 හි සියයට 8.77 ක හිමිකමක් පැවැති අතර, එය සියයට 12.12ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර සිලෝන් හොස්පිටල්ස් පීඑල්සී (ඩර්ඩන්ස් හොස්පිටල්) සතු වූ Doc990 හි කොටස් 1,184,211ක් එනම් සියයට 5.26ක් අලෙවි කර ඇති අතර, එයද මිලදී ගෙන ඇත්තේ සන්ෂයින් සන්ෂයින් හෙල්ත්කෙයාර් ලිමිටඞ් සමාගමයි. ඒ අනුවDoc990 තුළ සන්ෂයින් සතු කොටස් හිමිකම කොටස් 4,931,343ක් එනම් සියයට 21.92 කි.
ඒ අනුව Doc 990 අයත් ඩිජිටල් හෙල්ත් (පෞද්) සමාගම තවදුරටත් සිය පරිපාලිත සමාගමක් නොවන බවත් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd