
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පද්ධතීන් මුහුණදෙන වත්මන් සයිබර් ආරක්‍ෂක අභියෝග සහ ඒ සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සයිබර් සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05 දා) ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්වී තිබේ .
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මේ සඳහා සහභාගි වී තිබේ. මෙහිදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) සයිබර් තර්ජන හඳුනාගැනීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාවන් ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ CERT-In ආයතනයේ මෙහෙයුම් අත්දැකීම් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd