බදු සහ අවම පහසුකම් නිසා පුහුණු ශ්‍රමිකයන් විශාල ලෙස රට හැර යාම ගැටලුවට හේතුවයි
රට තුළ නිවාඩු දින අධික වීමත් සෑම ක්ෂේත්රයක කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා එල්ල කරලා
“රට යන අය යවලා ඩොලර් ගෙන්න ගෙන - අපිට කට්ටිය පිටරටින් හරි ගෙන්නලා දෙන්න
කියලා ජනපතිට කිව්වා” - ඩඩ්ලි සිරිසේන
“පෝය දවසේ නිවාඩු ගන්නවා
කිව්වාට, ඒ අයගෙන් සියයට 99ක්ම පන්සල් යන්නේ නෑ” - මේජර් රංජිත් ගුණතිලක
“බදු ගැටලු, දරුවන්ගේ අධ්‍යාපනය සහ නිවාස ඉදිකිරීමේ ගැටලු බොහෝ තාක්ෂණික වෘත්තිකයන් රට හැර යාමට හේතුවයි” - සම්පත් ජයසුන්දර
භානුක අමරසිංහ
රට තුළ පවතින සේවක හිඟය වෙත කඩිනමින් විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බව කර්මාන්තකරුවෝ පවසති. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණ කර්මාන්තය මෙන්ම ඉදිකිරිම් ක්ෂේත්රය තුළ අද වන විට දරුණු පුහුණු සේවක හිඟයක් පවතින බවත්, ඒ හේතුවෙන් අදාළ කර්මාන්ත පවත්වාගෙන යාමේ ගැටලු මතු කර ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
එහිදී මූලිකවම බදු ඇතුළු කාරණා නිසා මෙන්ම රට තුළ පහසුකම් නොමැතිවිම නිසාද බොහෝ පුහුණු සේවකයන් රට හැර යමින් සිටින බවත්, රට තුළ නිවාඩු දින අධික වීම නිසා සිටින සේවකයන් යොදා ගෙන පවා සෑම ක්ෂේත්රයකම කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇතැයිද ඔවුහු සඳහන් කරති.
පසුගියදා කොළඹදී සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා සහතිකලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA Sri Lanka) අයවැය සංවාදය යටතේ පැවැත්වුණු සාකච්ඡා මණ්ඩපය වෙත එක් වූ අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන, සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පෞද්) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක සහ SLASSCOM (The Sri Lanka Association of Software and Service Companies) ආයතනයේ සභාපති සම්පත් ජයසුන්දර යන මහත්වරු මෙම අදහස් පළ කළහ.
“ස්ථාවරත්වයෙන් ඔබ්බට: වර්ධනය සඳහා පදනම ගොඩනැගීම - ව්‍යාපාර, ආර්ථිකය සහ සමාජය කෙරෙහි ඇති බලපෑම” යන තේමාව යටතේ මෙම අයවැය සංවාදය සංවිධානය වී තිබුණි.
මෙහිදී අදහස් දැක් වූ ඩඩ්ලි සිරිසේන මහතා,
“සංචාරක කර්මාන්තය කියන්නේ රටේ ආර්ථික වර්ධනයට වැදගත් අංශයක්. මිලියන, බිලියනවලින් ඕන කෙනෙකුට ගණන් හදන්න පුළුවන්. මේ අවසන් ප්‍රතිඵලය ලබා ගන්න රටේ සේවකයන්ගේ දායකත්වය අවශ්‍යයි.
එහෙත් අද වෙන කොට සේවක හිඟය මේ කර්මාන්තයට දරුණු ලෙස බලපාලා. මේ ගැන වගකිවයුත්තන් අවධානය යොමු කරන්න ඕනේ. කල් අරින්න කාලයක් නැහැ. දිනක, පැයක, තත්පරයක, විනාඩියක අතපසුවිමකින් අපිට ගොඩක් දේවල් අහිමිවේවි.”
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“මම ජනාධිපතිතුමාට එක් අවස්ථාවකදී කිව්වා මේ රටින් මිනිස්සු යනවා නම් ඒ නියමිත ඩොලර් ප්‍රමාණය ගෙන්වා ගන්න කියලා. මේ රටේ මිනිස්සු හිටියත් නිවාඩු ගන්නවා, වෙන වෙන අයිතිවාසිකම් ඉල්ලනවා. ඒ නිසා ඒ අය යවලා ඩොලර් ගෙන්න ගන්න. අපිට ඒ හා සමාන සේවක කණ්ඩායමක් පිටරටින් ගෙන්නලා දෙන්න කියලා.” යනුවෙන්ද පැවසීය.
මේජර් රංජිත් ගුණතිලක මහතා අදහස් දක්වමින්, රටේ පොහොය දිනය අද වනවිට ඉදිකිරීම් ක්ෂේත්රයට බලපාන දරුණු ගැටලුවක් බව පෙන්වා දුන්නේය. “පෝය දවසේ නිවාඩු ගන්නවා කිව්වාට, ඒ අයගෙන් සියයට 99ක්ම පන්සල් යන්නේ නෑ. එහෙත් අඟහරුවාදා දවසක, බ්‍රහස්පතින්දා දවසක මේ නිවාඩුව වැටුනම එදා ඉදන් සෙනසුරාදා, ඉරිදා ඔක්කොම නිවාඩු. මේ නිවාඩු නිසා සේවකයන්ගේ කාර්යක්ෂමතාව උපරිමව ලබා ගන්න බැහැ. ඒ නිසා මේකට හොඳම විසඳුම මේ පෝය දවස කියන්නෙත් වැඩ කරන්න පුළුවන් දවසක් කියන තීරණය ගන්න එකයි.”
“මේ එක දිනයක ප්‍රශ්නයක් නිෂ්පාදනයට දරුණු ලෙස බලපානවා. පාලකයෝ විදියට අපි කැමැතියි මේ නිවාඩු දිනයකදී වැඩිපුර වැටුපක් ගෙවලා හරි සේවය ලබා ගන්න. කොහොම වුණත් අපේ රටේ ආර්ථික අර්බුදය ජය ගන්න නම් මේ සේවක හිඟයේ ගැටලුව විසඳන්න වෙනවා.” ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ සම්පත් ජයසුන්දර මහතා, තාක්ෂණික ක්ෂේත්රයේ වෘත්තීයවේදීන් රට හැර යාමට මූලිකවම බදු සහ ප්‍රමාණවත් පහසුකම් රට තුළ නොමැතිවීම හේතු වී ඇතැයි පවසා සිටියේය.
“අපි මුලින්ම බලන්න ඕනේ මේ වෘත්තිකයන් රට හැර යන්නේ ඇයි කියලා. ආර්ථික අර්බුදය අවස්ථාවේදී අපිට තාක්ෂණ වෘත්තිකයන්ගේ ඉහළ මැද ස්ථරයෙන් බොහෝ පිරිසක් අහිමි වුණා. ඔවුන්ට ඉතාමත් පහසුවෙන් ඇමෙරිකාවට හෝ යුරෝපයට සංක්‍රමණය වෙලා එහි හොඳ ජීවිත ගත කරන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ඔවුන් රැකියාවක් සොයාගෙන නෙමෙයි ගිහින් තියෙන්නේ. ඔවුන් පවුල් පිටින්ම තමයි ඒ රටවලට සංක්‍රමණය වුණේ. ඔවුන් යළිත් මේ රටට එන්නේ නෑ.”
මෙහිදී තාක්ෂණ වෘත්තිකයන් රට හැරයාමට හේතු වූ කරුණු දෙස බැලීමේදී මූලිකවම බදු ගැටලු බලපෑ බවත්, ඊට අමතරව දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සහ නිවාස ඉදිකිරීමේ ගැටලු පැවති බවත් ඔහු පවසයි. ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් යම් අවධානය යොමු කරමින් යම් සහනයක් ලබාදීමට කටයුතු කළේ නම් ඔවුන් මෙරට තුළ රඳවා ගැනීමට හැකියාව තිබූ බවත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd