• නොවැම්බර් මුල් දින 08ට සංචාරකයෝ 49,929ක් පැමිණිලා
  • ඉන්දියානු සංචාරකයන් ලක්ෂ 5 ඉක්මවලා

නොවැම්බර් මාසයේ මුල්දින 08 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 49,929ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙහිදී දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍ය සංචාරකයන් 6,241ක් ලෙස සටහන්ව තිබේ. 

මාසය තුළ වැඩිම සංචාරක පැමිණීම ඉන්දියාවෙන් වාර්තා වන අතර එය සංචාරකයන් 12,401 කි. එසේම රුසියාවෙන් සංචාරකයන් 5,483ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 3,541 ක් පැමිණ තිබේ. ජර්මනියෙන් පැමිණි සංඛ්‍යාව 3,449 කි.  

ඒ අනුව මෙම සංඛ්‍යාවත් සමගින් වසරේ මේ දක්වා පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 19.1ක් බවට පත්ව තිබේ. 

ඒ අතරින් සංචාරකයන් 512,026ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. ඒ අනුව 2026 වැඩිම ඉන්දි යානු සංචාරකයන් පිරිසක් පැමිණෙන වසර බවට පත්වීමට නියමිතව තිබේ. 2025 වසරේදී පැමිණි ඉන්දියානු සංචාරකයන් සංඛ්‍යාව 531,511 කි.

එසේම එක්සත් රාජධානියෙන් 176,670ක්, චීනයෙන් 126,326ක් සහ ජර්මනියෙන් 108,754ක් ලෙස මෙම සංචාරක පැමිණීම් වාර්තා වී ඇත. රුසියාවෙන් පැමිණි සංඛ්‍යාව 95,224 කි.
.