රට වනසන මැතිවරණ වියදම් මැතිවරණ පැවැත්වූ පමණින් ප්රජාතන්ත්රවාදය යථාර්ථවත් වන්නේ නැත. ඒ සඳහා සියලු තරගකරුවන්ට සම බිමක් අවැසිය. ඒ සම බිම නිර්මාණයේදී මැතිවරණ වියදම් සීමා නීතිගත කිරීම අත්‍යවශ්‍ය පියවරකි. ඒ සඳහා මැතිවරණ නිරීක්ෂකයන් හැටියට අප දීර්ඝ කාලීනව සටනක් කළ අතර, මේ වන විට මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු වී ඇත. මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් හැටියට ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රසාදය ආණ්ඩුවටත් කැබිනට් මණ්ඩලයටත් පළ කිරීමට කැමැතිය. 07 December 2021
ඡන්ද අපේක්ෂක වියදම් පාලනයට දැඩි නීති ඕනෑ මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් පාලනය සඳහා නව නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට රජය තීන්දුවක් ගෙන තිබේ. අදාළ තීන්දුව පිළිබඳ දැනුම් දෙමින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබුණේ රජයේ යෝජනාව මගින් මැතිවරණ වියදම් පාලනයට යෝජිත සංශෝධන සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරෙනු ඇති බවය. 07 December 2021
ප්‍රියන්ත කුමාර ඝාතකයාගේ පැටිකිරිය පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් නමැති කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරවරයකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පහර දී ඝාතනය කර, පුළුස්සා මරා දැමීම සිදුවූයේ පසුගිය සිකුරාදා (3) ය. එය ඉතාමත් අමානුෂික, ම්ලේච්ඡ ඝාතනයක් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සොව පළ කරමින් පවසා තිබේ. 06 December 2021
ඩොලර් අර්බුදයේ පිපිරීම නිදහසින් පසු මුහුණ දෙන අභියෝගාත්මකම ආර්ථික අර්බුදයට අද අපි මුහුණ දෙමින් සිටින්නෙමු. ප්‍රශ්නයට නිසි පිළිතුරක් දීමට ආණ්ඩුව අසමත් වුවොත් ආර්ථික අර්බුදයෙන් සමාජ අර්බුදයකට ගමන් කිරීමේ ඉඩ කඩ ද තිබේ. ජීවත්වීම බරපතළ ප්රශ්නයකි. ජනතාවගේ ඇඟට එය තදින්ම දැනෙමින් තිබේ. එයට කිසිදු බේදයක් නැත. ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබූ අර්බුදයකට කෘෂිකර්මාන්තයේ නියුතු පිරිස ඇද දමා තිබේ. තීන්දු, තීරණ ගැසට් රිවස් කළ ද මේ අර්බුදයෙන් මිදීමට සෑහෙන කාලයක් ගතවනු ඇත. 06 December 2021
මුළු ලොවම කම්පා කළ අහිංසකයාගේ ඝාතනය ම්ලේච්ඡත්වය විවිධ අයුරින් අර්ථ ගැන්විය හැක. ජාතිය, ආගම, වෛරය, පළිගැනීම, අන්තවාදය වැනි විවිධ මුහුණුවරින් ම්ලේච්ඡත්වය ක්‍රියාවට නැංවෙයි. 06 December 2021
අනූවසරක අතීතයේ සිට ලංකාව ගත් ණය දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම නිසා මේ වන විට රට ඉසිලිය නොහැකි ණය කන්දකට යට වී තිබේ. බලයට පැමිණෙන සෑම රජයක්ම රට ණයවීම පිළිබඳව පෙර පැවැති රජයට චෝදනා එල්ල කිරීම සිරිත 04 December 2021
මාධ්‍යයත් කලාවත් එක්කළ සිරිල් ඒ. සීලවිමල ප්‍රකට මාධ්‍යවේදියකු සහ සාහිත්‍යකරුවකු වූ අභාවප්‍රාප්ත සිරිල් ඒ සීලවිමල මහතාගේ එකොළොස් (11) වැනි ගුණ සමරුව අදට (04) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 04 December 2021
නිවී ගිය සිරිසේන කුරේ ලකුණ ප්‍රකට දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත බී. සිරිසේන කුරේ මහතාගේ අවසන් කටයුතු හෙට ඉරිදා (5) සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 04 December 2021
එපාවූ කල්ලි යළි යළිත් ළඟට ගන්නෝ නිදහසින් පසු මෙරට දේශපාලන ඉතිහාසය හකුළුවා දෙන්නා සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ජනතාව වෙත ඉතා වැදගත් ප්‍රශ්නයක් යොමු කරමින් ඔවුනට ඉතා වැදගත් උපදෙසක් දුන්නේය. ඒ වරක් ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයන් යළි යළිත් බලයට පත් කිරීම පිළිබඳවය. 04 December 2021
වගකීම හරිහැටි නොදත් මැති ඇමැතිලා රටේ බරපතළ ප්රශ්නයකි. ප්රශ්නය කොතෙක් බරපතළද යත් ජනතාවට නිවසේ සිටීමට සිදුවී තිබෙන්නේද මර බියෙනි. ඒ ගෑස් කාන්දුවීම් හා ගෑස් ලිප්-බට පුපුරායාම හේතුවෙනි. ‘‘යහපාලන ආණ්ඩුව සමයේ මෙච්චරක් ගෑස් පුපුරා ගියා’’ යැයි කියමින් ප්‍රකාශ නිකුත් කිරීම හැර බලධාරීන්ගෙන් වෙනත් විසඳුම් නැත. සුපුරුදු පරිදි කමිටු පත් කළද ගෑස් කාන්දුව නතර වී හෝ ගෑස් පුපුරා යාම හෝ නතර වී නැත. 04 December 2021
නිදහසේ වැඩෙන්න ඉඩදෙන්න ඔහු ලාංකේය සිනමාවේ සක්‍රීය ලෙස අඛණ්ඩව චිත්‍රපට නිර්මාණය කරන අධ්යක්ෂවරයා බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහුගේ නිර්මාණ එකිනෙකට වෙනස් අතර ඒ සෑම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමට සමත්වී තිබේ. 03 December 2021
ශ්‍රීලනිප පොහොට්ටු අර්බුදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින අර්බුදය දිනෙන් දිනම දුරදිග යන ලකුණු පහළ වෙමින් තිබේ.ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහින්ද අමරවීර,දුමින්ද දිසානායක සහ එම පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ඇතුළු කීප දෙනකුම දැන් දැන් ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කිරීම වැඩියෙන් කරන බවක් පෙනෙන්නට තිබේ. 03 December 2021
ජාතික ළිප ගිනි පිපුරුම සාමාන්‍යයෙන් අපේ ගෙදර ගෑස් සිලින්ඩරය කුස්සියට ගෙනගොස් රෙගියුලේටරය සවි කරන්නේ මම ය. දැනට සති හතරකට පමණ පෙර ගෙදරට ගෙන්වා ගත් ගෑස් සිලින්ඩරයේ රේගියුලේටරය සවි කරන විටත් සවි කළාට පසුවත් ඉන් නැගුණු හඬ ගෑස් ලීක් වීමක් බව තේරුම් ගෙන එය ගෙන්වාගත් ඩිලිවර්වරයාට ඇමතුමක් දී සිද්ධිය වාර්තා කළෙමි. 03 December 2021
මෙහෙම වෙනකොට ආයෝජන එයිද? ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ සංචාරකයන්ගේ පාරාදීසයක් වශයෙනි. එසේ නම් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා බලධාරීන් විසින් සිය උපරිම දායකත්වය ලබා දිය යුතු වෙයි. සංචාරක කර්මාන්තය රටට ඩොලර් උපයා දෙන උල්පතක් බැවිනි. 03 December 2021
එදා අයවැයේ නොදත් කතා වත්මන් රජයේ දෙවැනි අයවැය විසර්ජන කෙටුම් පත හෙවත් 2022 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා නොවැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 02 December 2021
මංගල නම් වූ රාජ්‍යතාන්ත්‍රිකයා මංගල සමරවීර නම් මානව හිතවාදියාගේ ජීවිතයෙන් යමක් ඉගෙනීමටත් ඔහුගේ මතවාද, ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් දියුණු ජාතියක් බවට පත්කරලීමට කෙසේ උපයෝගී කර ගන්නේද යන්න කල්පනා කර බැලීමටත් ඔහු දිවංගත වී තෙමසක් සපිරීම අනුස්මරණය කරන මේ මොහොත වඩාත් සුදුසුම අවස්ථාව වන්නේය. 02 December 2021
දැයක් අවදි කළ මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත මහාචාර්ය විනී විතාරණ සූරීන්ගේ දෙවැනි ගුණ සැමරුම අදට (2) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 02 December 2021
කාබනික පොහොර ඉලක්ක ඉටුකරයිද? වී ගොවිතැනත් එළවළු සහ තේ වගාවත් ඉතිහාසයේ කවරදාකවත් නොවූ අර්බුදයක වැටී සිටියි. ඊට ප්‍රධාන හේතුවවී තිබෙන්නේ රසායනික පොහොර තහනම් කිරීමය. මේ වනවිට ඒ තහනම ඉවත් කර තිබුණද ඒ තහනම නිසා නිසි කල වගා ආරම්භ කිරීමට අපේ ගොවින්ට නොහැකි විය. ඒ නිසා එළඹෙන පෙබරවාරි හා මාර්තු මාසවලදී රට ආහාර අහේනියකට ඇද වැටෙන බව ගොවියෝත් කෘෂි විද්‍යාඥයෝත් කියති. පෙන්වා දෙති. මේ ඒ පිළිබඳව කෙරෙන විමසුමකි. 02 December 2021
සයිකලයෙන් ගමන් යන නවසීලන්ත මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට හා රාජකාරි සඳහා යද්දී නිරන්තරයෙන් පාපැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජූලී ඈන් පේන්ටර් දරු ප්‍රසූතිය සඳහා ද පාපැදියෙන් ගොස් රෝහල්ගතවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති බව අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය. 02 December 2021
සහෘදයාණනි! ඔබට සුබ ගමන් ‘ලංකාදීප’ නිවහනේ විසූ තවත් සොඳුරු සහෘදයකුගේ නික්මයාම සම්බන්ධ වේදනාබර පුවත වාර්තා වූයේ ඉකුත් සඳුදා රාත්‍රියේය. දිනපතා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසත්, ඉරිදා ‘ලංකාදීප’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසත් දීර්ඝ කාලයක් ලංකාදීප නිවහනේ විසූ ඔහු ඒ.එල්.කේ. පෙරේරාය. රෝගී තත්ත්වය නිසාම සේවයෙන් විශ්‍රාම ගත්ත ද ඔහු අප සමග සිටින්නේයැයි සිතෙන තරමට ඔහුගේ මතකයන් ප්රබලය. 01 December 2021
හෙට සුබවෙන්න අද වගකීම පිසූ ආහාර ඇත. දොවන ලද කිරි තිබේ. දල්වන ලද ගිනි ඇවිළෙයි. නිවසට වහලයක් තිබේ. මැසි මදුරු පීඩාවක් නැති අතර මෙම මොහොත සුරක්ෂිතය. දැන් ඉතින් මහා වැස්සක් ඇදහැලුනාට කිසිම ප්‍රශ්නයක් නැත. යනුවෙන් කල්පනා කළ ධනිය ගෝපාල ගැන සඳහනක් බුද්ධ දේශනාවේ ඇත. ධනිය ගෝපාල සූත්‍රයෙහි දැක්වේ. වැසි ලකුණු දකින ධනිය ගෝපාල, සිය දෙනුන් පවා අවශ්‍ය තරම් ආහාර ගෙන ඇති අතර තමන්ට කිසිම කරදරයක් නැති බව සිතන බව එහි වැඩිදුරටත් කියැවේ. 01 December 2021
ඡන්ද ක්‍රමය බිහිකළ අර්බුදය රාජ්‍යයක් විවිධ අර්බුදවලට ලක්විය හැකිය. එය සාමාන්‍ය දෙයකි. එහෙත් අර්බුද හමුවේ එකී රාජ්‍යය නොසැලී පැවැතීමට නම් ඊට ස්ථාවර පාලන ක්‍රමයක් අවැසිය. අසල්වැසි ඉන්දියාව ගත්තත් යුරෝපයේ දියුණු රටවල් ගත්තත් මෙවැනි අර්බුද අලුත් නොවූ අතර ඒවාට රට ඔරොත්තු දෙන තත්ත්වයක පැවැති නිසා ප්‍රශ්නයක් වූයේ නැත. ලංකාවේ ප්රශ්නය වන්නේ එවැනි අවස්ථාවකට ඔරොත්තු දිය හැකි තැනක රට නොතිබීමය. ලංකාව මේ වනවිට ආර්ථික, මූල්‍ය හා සමාජීය වශයෙන් අර්බුදයකට වැටී සිටී. 01 December 2021
පොලිස් බාරයේදී සැකකරුවන් මියයාම රටට කළු පැල්ලමක් මිනීමැරුම් ඇතුළු අපරාධ 13කට සම්බන්ධ සැකකරුවකු වූ හේවාලුණුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත කළුතර උතුර දියගම දී පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරකින් මියයාම සමාජය තුළ කිසියම් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඒ අපරාධකරුවකු පොලිස් වෙඩි පහරකින් මියයාම නොව එම සිද්ධිය වටා ගොනු වී ඇති කාරණා සම්බන්ධයෙනි. 01 December 2021
රසිකයා දමනය කළ හැකි භාෂාත්මක ශික්ෂණයක් නිර්මාණකරුවාට අවශ්‍යයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෝලිතභානු දිසානායක මහතා පර් යේෂකයකු, සංගීතඥයකු. ගායකයකු විචාරකයකු මෙන්ම දේශකයකු ලෙස ද තම ශාස්ත්‍රීය නිර්මාණාත්මක දායකත්වය 30 November 2021
අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි අපවත් වී වදාල අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමිපාණන් වහන්සේගේ දස වැනි ගුණ සැමරුම හෙට (1 වැනිදාට) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 30 November 2021
බස නොදැන කවි ලියන්නෝ පසුගිය දිනක මම මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘‘කාව්‍ය විචාරය’’ නමැති පොතෙහි අන්තර්ගත ‘‘රසවාදය හා කාව්‍ය විවේචනය’’ මාතෘකාවෙන් යුත් අගනා නිබන්ධනය කියවීමි. මෙකල වෙසෙන තරුණ කවි කිවිඳියන් මෙන්ම විචාරකයන් ද එය අනිවාර් යෙන් අධ්‍යයනයට ලක් කළ යුත්තක් යැයි සිතමි. අබල දුබල කවි ශක්තියට හා නොමේරූ විචාර බුද්ධියට එය වාජීකරණ ඖෂධයක් වනු නියතය. 30 November 2021
පරිවර්තන යුගයක අවශ්‍යතාවය උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග යුද්ධය අවසන් වූයේ 2009දීය. එයින් පසු එවක පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කීවේ දැන් ඇත්තේ සංවර්ධනය බවයි. එහි වරදක් නැත. ඒ අවස්ථාවේ මගේ මතය වුණේ ද එයයි. එහිදී ලංකාදීපයටම මගේ මතය පළ කළේ ජයග්‍රාහකයා හමුවේ විශාල අවස්ථාවක් නිර්මාණය වී ඇති බවටය. විශේෂයෙන්ම බිඳ වැටී ඇති රාජ්‍ය නැවත ප්‍රතිසංස්කරණය කරමින් ආර්ථික වශයෙන් ජනයා නගාසිටුවීමට හොඳම අවස්ථාව බවය. 30 November 2021
යුරෝපා සංගම් අධිකරණ තීන්දුව අගය කළ යුතුයි ලෝකය පාලනය කරන බහු ජාතික සමාගම් අතර ආයුධ සමාගම්වලට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. ලොව පුරා ගැටුම් අවුළුවා එමගින් තමන්ගේ මඩිය තරකර ගැනීම ආයුධ සමාගම්වල උපක්‍රමය වේ. ඒ වෙනුවෙන් ඔවුන් කළ යුත්තේ ආයුධ නිපදවා තමන්ගේ තැරැව්කරුවන් අතට පත් කිරීම පමණි. ත්‍රස්තවාදය ඔවුන්ට ‘‘සුරබිදෙනක්’’ වන්නේ ඒ අර්ථයෙනි. 30 November 2021
කොරෝනා බිහිසුණු විකෘතිය ඔමික්‍රොන් මුලින්ම, වයිරසයක ස්වභාවය සරලව අවබෝධ කර ගනිමු. වයිරසයක් යනු පණ ඇති දෙයකි. වයිරසයක් අප මනුෂ්‍යයන්ට ආසාදනය වූ විට එහි අරමුණ වන්නේ, අප සිරුර තුළ එහි පිටපත් නිර්මාණය කර ගනිමින් ජීවත් වීමය. 29 November 2021
දැවෙන ප්‍රශ්න අමතක වූ අය වැයක් ආණ්ඩුවේ ඉන්නා අනෙක් රාජපක්ෂවරුනට වඩා වෙනස් යැයි කියනු ලබන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය මංගල අයවැය 2021 නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කළේය. මෙම අයවැය ගැන ඔහුට සහයෝගය දෙන අය මෙන්ම ඔහුව විවේචනය කරන අයද බොහෝ අදහස් දක්වා තිබේ. ඔහුට සහයෝගය දෙන්නන් දැක ඇත්තේ අයවැයෙහි යහපත් බව පමණක් වන අතර විවේචකයන් එයින් සිදුවන කිසිදු සුගතියක් දැක නැත. 29 November 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026