පරිහානියට රුකුල් දෙන තාක්ෂණය
සමාජ යහපැවැත්මට බාධා කරන මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, පාතාල ක්‍රියාකාරකම්, මූල්‍ය අපරාධ, දිවි නසා ගැනීම් ආදිය පිළිබඳව මෑත කාලයේ මෙරට සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්විය. මෙම සමාජ විරෝධි ක්‍රියාකාරකම් සඳහා පසුබිම් වී ඇති හේතු රැසකි. පරිගණක අපරාධ ද ඒ අතරින් ප්‍රධාන වේ. ඉහත සඳහන් කළ අන්දමේ සමාජ විරෝධි ක්‍රියාකාරකම් සියල්ලටම පාහේ ඍජුව හෝ වක්‍රව මෙම පරිගණක අපරාධ බලපා ඇති බව පැහැදිලිය.