(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)

‘කාවන්තිස්ස’ ඇතාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් අඹන්පොළ, කහඹිලියාවැටියා වත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

ප්‍රතිමාව ඉදි කෙරෙන එම ස්ථානය කාවන්තිස්ස ඇතා සහ ඔහුගේ අලි රංචුව නිරන්තරයෙන් ගැවසුන කහල්ල-පල්ලෙකැලේ ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටා ඇත. ප්‍රතිමාව ඉදි කෙරෙන වත්ත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට අයත් වූවකි.

කාවන්තිස්ස හස්තියාගේ මෙම ප්‍රතිමාව අසල පර්යේෂණ/පුස්තකාල පරිශ්‍රයක්ද ඉදි කිරීමට තීරණය වී තිබේ.

එමගින් පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, අලි-මිනිස් ගැටුම අවම කරමින් සමනය කිරීමේ පියවරයන් සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ වත්මන් හා අනාගත ශ්‍රී ලාංකික පරම්පරා වල යහපත උදෙසා ඇත් සහ අලි රංචු සංරක්ෂණය කිරීම ප්‍රවර්ධනය කිරීම බලාපොරොත්තු වන බව විපක්ෂ නායක නායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’(KAWANTISSA Tusker Protection Task Force) මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.