ආණමඩුව සමූපකාරයේ සභාපති ඇතුළු තුනක් අත්අඩංගුවට ආණමඩුව විවිධ සේවා සමුපකාර ප්රධාන කාර්යාලය කලින් පවත්වාගෙන ගිය භුමියේ විවිධ වර්ගයෙ ගස් විශාල සංඛ්යාවක් කිසිදු අවසරයකින් තොරව කැපිමේ චෝදනාවට ආණමඩුව විවිධ සේවා සමුපකාරයෙ සභාපතිවරයා සමඟ තවත් තිදෙනෙකු අද (04) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 04 April 2025
පැහැදිලිව ටීවී බලන්න ජපානය එක්ක ගිවිසුමක් ශ්රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්යාපෘතිය (DTTB) ක්රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ ශ්රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා අකිඕ (Isomata Akio) මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණී. . 04 April 2025
‘අස්වැසුම‘ සහන මල්ල අත්හිටුවයි අස්වැසුම ප්රතිලාභීන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත. 04 April 2025
අලුත් සහල් මංගල්යයේදී ජනපති අතීතය සිහි කරයි මට මතකයි, අස්වැන්න නෙලලා ගෙදරට වී ගෙනාවට පස්සේ අපේ ගෙවල් වල වී ටික කඳු ගහන්න ලොකු ඉඩක් නෑ.අපි ගෙදර වී ගෝනි තියලා ඒ වී ගෝනි උඩ නිදාගෙන තිබෙනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික අලුත් සහල් මංගල්යයේදී පැවසීය. 04 April 2025
ලංකාවට ජාත්යන්තර පාපන්දු ක්රීඩාංගණයක් ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්රහිම් අල් කලීෆා සහ තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර සාකච්ඡාවක් ශ්රැන්ග්රිලා හෝටලයේ දී පැවැත්විණි. 04 April 2025
කෝටි 10ක ජංගම දුරකතන කටුනායක හිරවෙයි රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු අද(04) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 04 April 2025
අගමැතිනිය බිම්ස්ටෙක් සමුළුවට යයි තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්රවේශයේ (BIMSTEC) 6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්රහයට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (03) රාත්රියේ සහභාගී විය. 04 April 2025
කොරියන් ජනපතිගේ දෝෂාභියෝගය සම්මත වෙයි දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගය, එරට ව්යවස්ථා අධිකරණය විසින් ඒකමතිකව සම්මත තහවුරු කෙරුණි. 04 April 2025
කුඩු එක්ක කොටුවූ ධීවරයෝ මාලදිවයිනෙන් පන්නති හෙරොයින් කිලෝ ග්රෑම් 124 ක් සහ අයිස් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 344 ක් සමඟ මාලදිවයින වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටී ’’අශේන් පුතා ’’ ධීවර යාත්රාවේ සිටි ශ්රී ලාංකික ධීවරයින් පස්දෙනා මෙරටට පිටුවහල් කළ බව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය පවසයි. 04 April 2025
පලාගල නිවසක කාන්තා මළ සිරුරක් පලාගල, නෙල්ලියගම නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් අද (04) උදෑසන සොයා ගත් බව පොලිසිය කියයි. 04 April 2025
‘අයිස්‘ සමඟ අයෙක් අල්ලයි රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමෙන් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 04 April 2025
කුඩ්ඩකු සමග සාදයක් දැමූ පොලිසියේ දෙකක් ගෙදර සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පිටතට ගෙන නිල කාමරය වෙත රැගෙන ගොස් එම පුද්ගලයා සහ කොස්තාපල්වරයකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වූ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව කළුතර කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි. 04 April 2025
මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි අද දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 04 April 2025
සිසුන් හත් දෙනෙක් පාසල් දැරියක අපයෝජනය කරලා පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් එම බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 04 April 2025
මෝදි අද රෑ දිවයිනට ඉන්දිය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (4) රාත්රී 8ට දිවයිනට පැමිණෙයි. 04 April 2025
අධිකරණය දේශබන්දුට අද දුන් නියෝගය වැලිගම පැලෑණ හෝටලය ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ලබන 10 වැනිදා තෙක් තව දුරටත් රිමානාඩ් භාරයේ තැඵීමට නියෝග කල මාතර ප්රධාන මහේස්ත්රාත් අරුණ ඉන්ද්රජිත් බුද්ධදාස මහතා මෙම නඩුවේ 9 වන සැකකරු වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා නම් කිරීමට අවසර ලබා දුන්නේය. 04 April 2025
පිරමිඩාකාර මූල්ය ආයතන ගැන මහබැංකුවෙන් අධිකරණයට වාර්තාවක් දිනෙන් දින රට පුරා ව්යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මූල්ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්රියාත්මක කරන දීප ව්යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සවිස්සර වාර්තාවක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලී මහත්මියට ශ්රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළේය. 04 April 2025
හික්කඩුවේ දී වෙඩි වැදුණු සැමියා මියයයි හික්කඩුව කුමාරකන්ද හන්දියේ රෙදිපිළි වෙළදසලක් වෙඩි ප්රහාරයකට ලක් වූ සැමියා මියගිය බව පොලිසිය කියයි. 03 April 2025
විදෙස් ආයෝජකයන්ගේ මුදල් වංචා කළ දෙකක් මාට්ටු ලංකාව තුළ ආයෝජනය කරනු ලබන ව්යාපෘතියක් සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් ගෙවන බව පවසා විදේශීය ආයෝජකයන්ගෙන් රුපියල් ලක්ෂ 56 ක මුදලක් වංචා කළ බව කියන සැකකරුවකු ඇතුළු දෙදනෙක් හෙරොයින් මිලිග්රෑම් 300 ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 03 April 2025
ඇමෙරිකාවේ නව බද්දක් මෙරට අපනයනයට මරු පහරක් ඇමෙරිකාව ශ්රී ලංකාවට සියයට 44 ක නව අපනයන බද්දක් පැනවීමෙන් මෙරට ඇඟලුම් කර්මාන්තයට බරපතල අවාසියක් වන බවත් ආණ්ඩුව ඒ සඳහා කමිටුවක් පත් කිරීම පමණක් කර ඇති බවත් පොදුජන එක්සත් පෙරමුනේ නායක හිටපු අමාත්යවරයෙක් වන අනුර ප්රියදර්ශන යාපා මහතා අද (3) පැවසීය. 03 April 2025
මඩේ එරුන කෙනර වනජීවියෙන් බේරා ගනියි හොරොව්පොතාන රත්මලේ ප්රදේශයේ මඩේ එරී සිටි කෙනරක නිරුපද්රිතව ගොඩ ගෙන යළි රක්ෂිතයට මුදා හැරීමේ මෙහෙයුමක් හොරොව්පොතාන වනජීවී නිලධාරීන් අද (03) ක්රියාත්මක කරනු ලැබිණ. 03 April 2025
මැණික් ලොක්කෝ රට සවාරියකට ලක්ෂ 61ක් කාලා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පාලක මණ්ඩලය 2023 වසරේදී ලක්ෂ 61ක මුදලක් වියදම් කර ලාස් වේගාස්හි මැණික් ප්රදර්ශනයකට යාම පිළිබඳව කෝප් කාරක සභාව කරුණු විමසා ඇත 03 April 2025
උඩරට මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය බදුල්ල සහ බදුල්ල නානුඔය අතර ධාවනය වන දුම්රියන් දෙකක් අද (3) අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . 03 April 2025
පොලීසියෙන් රෝහලට බාරදුන් සැකකරු මිය ගිහින් වැලිකඩ , නිවෙසට ඇතුළුවී සිටියදී ප්රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාරදුන් බව කියන පුද්ගලයකු වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී අසාධ්යව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඇතුළු 20 කගෙන් පමණ ප්රකාශ සටහන් කරගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 03 April 2025
සුව ඇමති ඖෂධ බලධරයන් එක තැනකට කැඳවයි හිඟයකින්, ප්රමාදයකින්, තොරව අඛණ්ඩ ව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්රසම්පාදන ක්රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත් විධිමත් කිරීමට අවශ්ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 03 April 2025
ආණ්ඩුවේ ඉහළ පුටුවලට සිටින ඇතැම් නිලධාරීන්ට ළඟදීම නඩු වර්තමාන ආණ්ඩුව තුළ සිටින සමහර නිලධාරීන්ට එරෙහිව ඉතාම ඉක්මණින් නඩු ගොනුකරන බවත් ඇතැම් නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා පත්රවලට මේ වන විටත් අත්සන් කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායන මහතා අද (3) පැවසීය. 03 April 2025
එස්.එම්. රංජිත්ගෙන් අභියාචනයක් ඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් තමන්ට පැනවු දඬුවම් වලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ ණෑනා වන ශාන්ති චන්ද්රසේන මහත්මිය අභියාචනයක් අද (03) ඉදිරිපත් කළහ. 03 April 2025
ගණිකා නිවාස හතරක් වටලා 20ක් අත්අඩංගුවට ආයුර්වේද සම්භාහන මධ්යස්ථාන මුවාවෙන් මුදලට කාන්තාවන් අලෙවි කිරීමේ මධ්යස්ථාන හතරක් වටලා කාන්තාවන් 16 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 03 April 2025
ශ්රී ලංකාවට සියයට 44 ක තීරු බද්දක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, රටවල් 25 ක් සදහා තීරු බදු ප්රකාශයට පත් කර ඇති අතර ශ්රී ලංකාවෙන් ලැබෙන සියලුම භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමටත් තීරණය කර ඇත. 03 April 2025
නාමල්ගේ නීතීඥ භාවය ගැන සොයන්න නියෝගයක් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥ භාවය වංචනිකව ලබාගෙන තිබේද? යන්න පිළිබඳව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද(03) නියෝග කළාය. 03 April 2025
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026