
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය බදුල්ල සහ බදුල්ල නානුඔය අතර ධාවනය වන දුම්රියන් දෙකක් අද (3) අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
බදුල්ල සිට මහනුවර බලා පෙරවරු 11.45 ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1596 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය සහ නානුඔය සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මෙසේ අවලංගු කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (3) දින අලුයම මහනුවරින් නියමිත වේලාවට නොමැතිව පෙරවරු 8.ට පමණ පැය කීපයක් ප්‍රමාද වී ධාවනය වීම සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ප්‍රමාද වී බදුල්ලට පැමිණිමත් නිසාවෙන් මෙසේ බදුල්ල නානුඔය සහ නානුඔය බදුල්ල අතර භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියන් දෙක අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය පැවසීය .
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩරට මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි