රියැලිටි ගායකයාගේ මෝටර් රියට ගිනි තියලා රියැලිටි ගායන තරඟයකින් පළමු ස්ථානය දිනු චමෝද් කවිශ්ක ප්රේමරත්න මහතා පදිංචි කුරුන්දන්කුලම ප්රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට නවතා තිබු ඔහුගේ මෝටර් රථයට ඊයේ(18) ගිනි තබා අලාභ හානි සිදුකර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව පොලීසිය කියයි. 19 March 2025
කැලණි සරසවියේ මනෝ විද්යා අංශ ප්රධානී අනතුරින් මරුට මීරිගම - මහනුවර මධ්යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් කැලණිය විශ්ව විද්යාලයේ මනෝවිද්යා ඒකක ප්රධානී ජ්යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්ර ගයන්ත මහතා මියගොස් ඔහුගේ බිරිය හා දරුවන් තිදෙනා ඇතුළු හය දෙනකු තුවාල ලබා ඇතැයි මීරිගම රෝහල් පොලිසිය කියයි. 19 March 2025
බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක් වෙසක් උත්සවයට නිමිත්තෙන් පැවැත්වෙන ’’බුද්ධ රශ්මි වෙසක් කලාපය’’ මෙවරත් දින හතරක් පුරා පැවැත්වීමට අග්රාමාත්ය කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී තීරණය කෙරිණි. 19 March 2025
වසර එකහමාරක් හොරට විශ්රාම වැටුප අරන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි. 19 March 2025
දින අටක් මන්ත්රී අර්චුනාගේ කට වහයි යාපනය දිස්ත්රික් මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා පසුගිය කාලයේදී විවිධ කණ්ඩායම් ඉලක්ක කර අවමන් සහගත අශෝභන ප්රකාශ නිකුත් කර සමාජයේ කැළඹීමක් ඇති කිරීම සැලකිල්ලට ගෙන ඔහු පාර්ලිමේන්තුවේ කරන කතා දින අටක කාලයක් ශ්රව්ය දුෂ්ය හා සමාජ මාධ්යවල සජීවීව විකාශය කිරීම අත්හිටුවීමට කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (19) නියෝග කළේය. 19 March 2025
මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන් පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණපළාතේත් මිෂන් සභාව පවසයි. 19 March 2025
දේශබන්ධු මාතර අධිකරණයට ? අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති. 19 March 2025
වන අලියාගේ පහරින් තිදරු පියා මරුට අම්පාර, දමන නීත්ත අඩි 100 මාර්ගයේදි වන අලියකු පහරදීමෙන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 19 March 2025
රන් බඩු කොල්ල කා අබාධිතයා මරා ගේට්ටුවේ ගැටගසලා පැල්මඩුල්ල, මීගහගොඩ ප්රදේශයේ නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයෙකු නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයෙකු ඝාතනය කර නිවසේ ගේට්ටුව අසල ගැට ගසා පලා ගොස් ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. 19 March 2025
බස්නාහිරට සහ සබරගමුවට අද සවස තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 19 March 2025
මධ්යම අධිවේගයේ අනතුරක් මධ්යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 19 March 2025
සුළං බලාගාරය ගැන අදානි තවමත් කැමැත්තෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ ’’ද හින්දු’’ පුවත්පත වාර්තා කළේය. 19 March 2025
දින 19යි දේශබන්දු ආගිය අතක් නෑ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සොයා ගැනීම සදහා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් 15 ක් මේ වනවිට යොදා ඇති බව ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. 19 March 2025
ට්රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ අකැමැත්ත ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කළේය. 19 March 2025
සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්යන්තර අභ්යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණියහ. 19 March 2025
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි. 18 March 2025
දුම්වැටි ගල් කළ පොලිසියේ දෙකකගේ වැඩ තහනම් කරයි වැටලීමකදී පොලිස් බාරයට ගත් විදේශීය දුම්වැටි තොගයකින් අඩක් බාහිර පාර්ශවයකට ලබා දි අසත්ය සටහන් තොරතුරු පොතේ ඇතුළත් කළැයි කියන පොලිස් මත්ද්රව්ය කාර්යාංශයට අනුයුක්ත වරාය උප ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 18 March 2025
ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි ජනප්රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය. 18 March 2025
ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 06ක් ආපසු දීමට සූදානම් ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරාවස්තු 06ක් නැවතත් මෙරටට ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්රකාශ කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංංශය පවසයි. 18 March 2025
ඊශ්රායලයේ ඉදිකිරීම් වැඩට ලාංකිකයෝ 54ක් ඊශ්රායල් රජය හා ශ්රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්රි ලාංකිකයින් 1154 දෙනකු ඊශ්රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 18 March 2025
වැඩ වර්ජන කැඳවූ අයත් රෝහල්වල වැඩ වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වලට ගොස් සිය සේවා සපයන බවට වාර්තා වන්නේ යැයි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 March 2025
අධිකරණ නියෝගය කඩ කළ වැලිකන්ද හිටපු ඕ අයි සී අල්ලන්නැයි නියෝගයක් වැලිකන්ද පොලිසිය මීට මාස කීපයකට පෙර අත්අඩංගුවට ගත් එල ගවයන් විසිදෙනකු, සැකකරුවන් දෙදෙනකු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම එළ ගවයන් රජයේ ගොවිපළකට භාරදීමට නියෝග කර තිබියදී, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණී යැයි කියන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද(18) නියෝග කළේය. 18 March 2025
ගුවන් ගමනට බාධා කළ විදෙස් තරුණයන් තිදෙනකුට අවවාද ගුවන් ගමනකට බාධා කරමින් ශ්රී ලංකන් ගුවන් යානයක් තුළ කලහකාරී ලෙස හැසිරුනේ යැයි චෝදනා ලද පාකිස්තාන් ජාතික තරුණ සංචාරක මිතුරන් තිදෙනකුට දැඩිසේ අවවාද කර මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (18)නියෝග කළාය. 18 March 2025
බලපෑම්වලට යට නොවී රාජකාරිය කරන්න කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 18 March 2025
රන් මාල කොල්ලකරුට පැන ගන්න බැරිවෙයි අකුරැස්ස පොදු වෙළෙඳපොළ භූමියේ පිහිටි රන් භාණ්ඩ වෙළෙදසැලකින් රන් මාල තුනක් කොල්ලකා පළා යමින් සිටි පුද්ගලයකු වෙළෙදසල් හිමියන් පිරිසක් එක්ව ලුහුබැඳ අල්ලාගෙන අද (18) දහවල් පොලීසියට භාර දීමට කටයුතු කළ බව අකුරැස්ස පොලීසිය කියයි. 18 March 2025
ගෝඨාගේ නියෝගය වැරදි බවට ශ්රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ රැදවුම් නියෝගය නීති විරෝධී බවට තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් කඩවු කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට අද නියම කළේය. 18 March 2025
ලලිත් - කුගන් සිද්ධියට අද දුන් නියෝගය මානව හිමිකම් ක්රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් නමැත්තන් 2011 වසරේදී අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ජුලි 30 වැනිදා සලකා බැලීමට සඳහා කැඳවීමට ශ්රේෂ්ඨාධිකරණය අද නියම කළේය. 18 March 2025
මියන්මාරයේ තවත් 14ක් මුදාගෙන මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්රී ලාංකීකයන් 14 දෙනකු එයින් මුදා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 18 March 2025
දේශබන්දුගේ නිවෙසින් විස්කි බෝතල් 120ක් හමුවේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. 18 March 2025
වර්ජනයෙන් ලිපි -පාර්සල් ලක්ෂ 10ක් තැපෑලේ සිරවෙයි තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්රකාශ කරයි. 18 March 2025
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026