IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 06ක් ආපසු දීමට සූදානම්

(කේ. බුද්ධික කුමාරසිරි)

ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරාවස්තු 06ක් නැවතත් මෙරටට ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර අමාත්‍යංශයේ දී අද (18) පැවති හමුවේ දී මේ පිලිබදව දැනුවත් කර ඇත.

ඒ අනුව පේරැස් මුද්දක්, ඇත් දළ ආභරණ මංජුසාවක්, මහ තුවක්කු දෙකක්, ඇත් දළයෙන් නිමකළ කුඩා වංගෙඩිය සමග මෝල් ගසක් සහ ඉපැරැණි තේක්ක පුටුවක් මෙරටට නැවත ලැබීමට නියමිත කෞතුක භාණ්ඩ අතර වේ.

මෙම සාකච්ඡාවට නෙදර්ලන්ත තානාපතියගේ සංස්කෘතික කටයුතු පිලිබඳ උපදේශක ක්‍රිෂේන් මෙන්ඩිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු කලාපය භාර සහකාර ලේකම් තිවංකා අතුරලිය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි, අතිරේක ලේකම් (ජාතික උරුම) සුජීවා පල්ලියගුරුගේ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් එක්වූහ.
 



අදහස් (7)

ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 06ක් ආපසු දීමට සූදානම්

ජිල්බු Tuesday, 18 March 2025 10:47 PM

හොඳ වෙලාවට මේ ආණ්ඩුව කාලෙ ඒව හම්බවෙන්නෙ.

:       7       35

බහිරවයා Wednesday, 19 March 2025 09:57 AM

අනිවාර්යයෙන්ම! නැත්තං රජ කඩුව 2.0.

:       0       8

රනේ Wednesday, 19 March 2025 06:57 AM

අපි බහුතරයක් අපේ උදාරත්වය රැකගන්න සටන් කලාට එදත් පාවාදෙන්නන් හිටියා..

:       1       3

Saththaya Wednesday, 19 March 2025 08:12 AM

එක්කෙනෙක් ඒවාට කරපු දේවල් ඔප්පු කරන්න අමාරුයි , අනික් කෙනා එංගලන්ත වෙළද පොලට වික්ක . ඇත්තමයි , අනාගතයේදී හොයන්න අමාරු තැනක හැන්ගුවොත් බේරගන්න පුළුවන් වෙයි

:       0       6

කපිල Wednesday, 19 March 2025 08:48 AM

අර පුස්කොල පොත් ටික දුන්න නම් මීට වැඩිය හොඳයි නේද? තියාගෙන හිටියට ඔහෙලට කියවන්න දන්නවයි?

:       0       6

ravin Wednesday, 19 March 2025 09:57 AM

අන්න ඒකට අපේ සමහරුන් රටේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අලුත්ම ඉතිහාසයක් ගොඩනගන්න උත්සාහ කරනවා

:       5       0

කපුරු හාමි Wednesday, 19 March 2025 03:52 PM

නෙදර්ලන්තයේ තිබුණු නිසා පරිස්සම් වුණා. ලන්කාවේ තිබුණා නම් මෙළහකටත් අතුරුදහන් වෙලා දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ, කටුගෙයි වටීනා පුරාවස්තුවලට වෙච්චි දේ රටම දන්නවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අද සවසත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 21 52 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග


සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ
2025 මාර්තු මස 21 330 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර


ජාතික ලුණ සමාගම නව පියවරක්
2025 මාර්තු මස 21 177 0

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලු‍ණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලු‍ණු සමාගම පවසයි.


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 218 0

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


වෙරිමරගාතේ ඒ.ටී.එම් යන්ත්‍රයට ගහලා
2025 මාර්තු මස 21 209 0

මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව වෙරි මතින් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකට පහරදී අලාභානි සිදු කළේ යැයි කියන බිබිල ප්‍රදේශයේ තරුණයකුට රුපියල් 224 750.00 ම


අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග
2025 මාර්තු මස 21 1658 0

ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1047 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site