දුම්වැටි සමඟ මව- දියණිය ගුවන් තොටේදී මාට්ටු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්යාපාරික මවක සහ දියණියක පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 November 2024
වෙඩි වැදී අඹු සැමි යුවළ මරුට ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්රදේශයේ අද(10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 10 November 2024
ගොවින් 264,227කට ගොවි විශ්රාම වැටුප ගෙවා නැහැ ගොවි විශ්රාම වැටුප් හිමිවිය යුතු වයස අවුරුදු 60 සම්පුර්ණ වු ගොවින් 264,227 දෙනෙකුට ගොවි විශ්රාම වැටුප් ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 10 November 2024
පෝස්ටර් පාප්ප බාල්දි සමඟ හතරක් අත්අඩංගුවට පෝස්ටර තොගයක් ඇළවීම සඳහා රැගෙන යමින් සිටි වන්නි මැතිවරණ කොට්ඨාසයට තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ගුවන් සේවිකාවක ඇතුළු සිව්දෙනකු වවුනියාව , පුලියංකුලම රාමනූර් හීදි අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය කියයි. 10 November 2024
ජන්ද කාඩ් ලක්ෂ 6 කට වැඩි ප්රමාණයක් තැපැල් කාර්යාලවල මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපැල් මගින් ජන්දදායකයින් වෙත බෙදා හැරීමෙන් පසු ලක්ෂ 6 කට වැඩි ප්රමාණයක් ඉතිරිව තැපැල් කාර්යාලවල තබා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 10 November 2024
සැකකරුවෝ මාංචු සමඟ පළා යති පොළොන්නරුව බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන ගේට්ටුව අසල බසයෙන් බැසීමත් සමඟ අත්විලංගු සහිතව පලාගොස් ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 10 November 2024
‘කුෂ්‘ සමඟ ගුවන් මගියා අත්අඩංගුවට රෝද පුටුවක ගමන් කරමින් කිසිවක් ප්රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් වයෝවෘද්ධ මගියෙකු , රුපියල් කෝටි හතරක් වටිනා කුෂ් මත්ද්රව්ය තොගයක් සමග රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 November 2024
වැස්සෙන් පුත්තලමේ පවුල් 6,832ක් පීඩාවට දින කිපයක් පුරා පැවති මහ වැසිත් සමග පුත්තලම දිස්ත්රික්කයෙ ප්රාදේශීය ලේකම් බල ප්රදේශ 10 පවුල් 6,832 ක පුද්ගලයින් 23,689 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි 10 November 2024
දුරකතන කුලුනේ බැටරි ගැලවූ තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට කළුතර ටෙලිකොම් කුළුණේ බැටරි ගැලවූ බව කියන ටෙලිකොම් ආයතනයේම තාක්ෂණ ශිල්පියෙකු සහ රිය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි. 10 November 2024
බසයක් නිවසකට කඩා වැදිලා බදුල්ල මහියංගන ප්රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ නිවසක බිත්තියක්ද පෙරලාගෙන අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි. 10 November 2024
සෙංකඩගලින් සැකසහිත ජිප් රියක්- ඩිපෙන්ඩරයක් මහනුවර පල්ලෙකැලේ සහ උඩුදුම්බර පොලිස් වසම්වල දී තවත් සැක සහිත ජීප් රථයක් සහ ඩිෆෙන්ඩරයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි. 10 November 2024
රැඳවියන්ට ‘අයිස්‘ගෙනා නියාමක මාට්ටු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්රව්ය රැගෙන යමින් සිටි නියාමක වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 10 November 2024
නෙඵම් කුළුණේ පාටියක් අතර ආරක්ෂකයාට වෙඩි තියලා නෙළුම් කුළුණ පරිශ්රය පැවති සංගීත ප්රසංගයකදී එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. 10 November 2024
පිටරට ගිණුම්වලින් මුදල් අදින කණ්ඩායක් මාට්ටු වැල්ලවත්ත හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ යෙදී සිටි සංවිධානාත්මක කණ්ඩායමකට අයත් පුද්ගලයන් 58 දෙනකු අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 10 November 2024
උතුරු සහ උතුරු - මැදට පොඩි වැස්සක් උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. 10 November 2024
සේවා කොන්දේසි කැඩු ලාංකිකයා ඊශ්රායල ගුවන්තොටෙන් පනී සේවා කොන්දේසි කඩකළ සහ සේවයේ නියුතු අන් අයට බලපෑම් කළ ශ්රී ලාංකිකයකු පිටුවහල් කිරීමට රැගෙන ගිය අවස්ථාවේදී ඊශ්රායල ටෙල් අවිව් ගුවන් තොටුපොළෙන් පැන ගොස් ඇතැයි ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පසුගියදා ප්රකාශ කළේය 09 November 2024
සූර්වී තුනක් හැප්පු බුද්ධි සේවා කොස්තාපල් අල්ලයි බීමතින් යතුරුපැදියක් පදවා බණ්ඩාරගම, බොල බොටුව ප්රදේශයේදී පදිකයන් තිදෙනකු හප්පා තුවාල සිදුකළ බව කියන රාජ්ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 09 November 2024
ට්රම්ප් ඝාතන සැලැස්මට ෆර්හාද් ශකේරිට ඇමෙරිකා අධිකරණයෙන් චෝදනා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මැතිවරණයට පෙර ඝාතනය කිරීමට සැලසුම් යැයි චෝදනා එල්ල වී තිබෙන 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි මෙරට සිටින ඊශ්රායල ජාතිකයන් වෙඩි තබා සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සැලසුමකටද හවුල් බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අද(09) ප්රකාශ කළේය. 09 November 2024
අපේ සටන පටන් ගන්නේ 14 වැනිදායින් පසුව අපේ සටන පටන් ගන්නේ නොවැම්බර් 14 වැනිදායින් පසුව බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු මැතිවරණ කොට්ඨාස එකවර අමතමින් අද(9) පැවසීය. 09 November 2024
නව ආරක්ෂක ලේකම් දීඝවාපීය වැද පුදා ගනී නව ආරක්ෂක ලේකම් විශ්රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියතා මහතාගේ, රාජකාරි බාරගැනීමෙන් පසු ප්රථම දීඝවාපී පුදබිම නිරීක්ෂණ චාරිකාව අද (9) දින සිදුවිය. 09 November 2024
මහනුවර පාසලක ගොඩනැගිල්ලක ආරක්ෂාවට තිබූ පැති බැම්මක් කඩා වැටෙයි මහනුවර බූවැලිකඩ පිහිටි ඩී.එස්.සේනානායක විද්යාලයේ ගොඩනැගිල්ලක ආරක්ෂාවට යොදා තිබූ විශාල පැති බැම්මක් ඊට පහළින් පිහිටි තවත් පාසල් ගොඩනැගිල්ලකට කඩා වැටී අනතුරක් සිදුව තිබේ. 09 November 2024
ඇල්පිටිය පුංචි සභාවේ ලොක්කෝ පත් කෙරෙති ඇල්පිටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (8) ප්රකාශයට පත්කළේය. 09 November 2024
ලංකාවේ හැම පවුලක්ම ලක්ෂ 48කට ණය කරලා ලංකාවේ සාමාන්ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්යාංශ සහ මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා හා සංඛ්යාන අධ්යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය. 09 November 2024
හොරෙන් රට පනින්න ගිය අයෙකු අත්අඩංගුවට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මුළා කොට, කූඨ ලෙස සකස් කළ ප්රංශ වීසා බලපත්රයක් භාවිතා කර ප්රංශය වෙත පළා යාමට තැත් කළ ශ්රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (8) රාත්රී අත්අඩංගුවට ගෙන තිබේ . 09 November 2024
මහ ඡන්දෙ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් 90,000ක් මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා සෘජුව හා වක්ර වශයෙන් ආරක්ෂක නිලධාරීන් 90,000 ක් යොදවන බව පොලිස් මාධ්ය ප්රකාශක , නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 09 November 2024
ඡන්දෙ නිහඬ කාලය සඳුදා සිට මහ මැතිවරණයේ සියළු ප්රචාරක කටයුතු සඳුදා (11) මධ්යම රාත්රියෙන් අවසන් වෙයි. 09 November 2024
දැදුරුඔයේ වාන්දොරටු හයක් විවෘත කරයි පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා පැවසීය. 09 November 2024
පොඩිලැසිගේ සිර මැදිරියේ ජංගම දුරකතනයක් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින දරුණු ගණයේ අපරාධ කරුවෙක් සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසිගේ සිර මැදිරියේ තිබි ජංගම දුරකතනයක් හෑන්ඩ් ප්රි එකක්,ඩේටා කේබලයක්,චාජරයක් සහ සිම් කාඩ් පතක් පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින් විසින් ඊයේ (08) රාත්රි සොයා ගෙන ඇතැයි ගාලු දිසාබාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි. 09 November 2024
මධ්යම,ඌව සහ සබරගමුවට සවස වැසි මධ්යම,ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 09 November 2024
‘‘අප කෙරේ අනුකම්පා කර අපට ඡන්දය දෙන්න‘‘ අප කෙරෙහි අනුකම්පා කර ඡන්ද ම ඡන්දය පාවිච්චි කරන්නැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන් ගෙන් ඉල්ලා සිටියේය. 09 November 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026