IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


වැස්සෙන් පුත්තලමේ පවුල් 6,832ක් පීඩාවට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)

දින කිපයක් පුරා පැවති මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය  ලේකම් බල ප්‍රදේශ 10 පවුල් 6,832 ක පුද්ගලයින් 23,689 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.

පසුගිය දින දෙකක් පුරා ඇද හැළුණ මහ වැසි හේතුවෙන් මෙලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10 ජනතාව වැව් වාන් දැමිම හා මහ වැසි හේතුවෙන් ගලා ආ ජල කද හේතුවෙන් දැඩි පිඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් වරයා පවසයි.

මේ හේතුවෙන් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ ග්‍රාම නිළධාරී වසම් 12 ක පවුල් 4016 ක පුද්ගලයින් 13351 කි.

ඒ සමගම මුන්දලමේ ග්‍රාම නිළධාරි වසම් 24 ක පවුල් 1501 ක 5841 ක්,කල්පිටිය ග්‍රාම නිළධාරී වසම් ග්‍රාම නිළධාරි වසම් 5ක පවුල් 395 පුද්ලයින් 1335 ක් ද,මාදම්පේ ග්‍රාම නිළධාරී වසම් 15 ක පවුල් 253 ක පුද්ගලයින් 748 දෙනෙකුද,හලාවත ග්‍රාම නිළධාරි වසම් ග්‍රාම නිළධාරි වසම් 6 ක පවුල් 221ක පුද්ගලයින් 868 ක් ලෙස, ජනතාව මෙලෙස පිඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

මෙසේ පිඩාවට පත්වු පිරිස් වෙත සහන සැලසිම සදහා අදාල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල ආපදා සහන සේවා නිළධාරීන් මගින් පිඩාවට පත්වු ජනතාව වෙත සහන සැලසිමට කටයුතු කරමින් ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා සහන සේවා ප්‍රධාන නිළධාරී බි.වි.චමින්ද කුමාර මහතා පවසයි.

 

 



අදහස් (0)

වැස්සෙන් පුත්තලමේ පවුල් 6,832ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 250 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 970 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 1487 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 733 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 456 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 2984 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site