ගංවතුරේ විනෝද වෙන්න ගිය 20කට කරන්ට් වැදේ ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 04 June 2024
සිසු ගැටුමකින් සිසුවකුට මැහුම් 7ක් දමයි හතරලියද්ද ප්රධාන පාසලක 12 ශ්රේණියේ සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් සිසුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව හතරලියද්ද පොලීසිය කියයි. 04 June 2024
ඉන්දීය ඡන්දයේ ප්රතිඵල අද අදියර 7 ක් යටතේ, දින 44 ක් තිස්සේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8.30 ට ආරම්භ වෙයි. ඒ අනුව ප්රතිඵල නිකුත් කිරීම ද සිදුවෙයි. 04 June 2024
ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම්:මන්ත්රී රාජපක්ෂට තුවාල ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ සහ එම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් පසුව ඇතිවූ ගැටුමකදී රාජපක්ෂ මහතා තුවාල ලබා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි. 04 June 2024
අනුරගේ රැස්වීම හොරෙන් වීඩියෝ කළ බුද්ධි නිලධාරියාට පහර දීලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල සත්යවාදී ක්රීඩාංගණයේදී ඊයේ (2) පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර කුමාර මහතාගේ ජායාරූප ගැනීමට යාමේදී එහි සිටි පිරිසකගේ ප්රහාරයකට ලක්වී ඇතැයි වාර්තාවේ. 04 June 2024
ගම්පහ නගරය ජලයෙන් යටවෙයි ගම්පහ ප්රදේශයට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය අද (3) පස්වරු වන විට ජලයෙන් යටවී තිබූ බවත් අඛණ්ඩව වර්ෂාව පැවතුණ හොත් රෝහල ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් ගම්පහ ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද රාත්රී පැවසීය. 03 June 2024
මහනුවර දිසා කාර්යාල වෙබ් අඩවිය ගොළුවෙලා මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන kandy.dist.gov.lk නැමති වෙබ් අඩවිය මාස ගණනාවකින් යාවත්කාලීන කර නැතැයි වාර්තාවේ. 03 June 2024
ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකය උස්සන්න හදලා අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යාමට පැමිණි තිදෙනකු ත්රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි. 03 June 2024
ගුවන් හමුදාව සීරුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳව ශ්රී ලංකා ගුවන් හමුදාව ගුවන් නිරීක්ෂණයකින් පසු ගුවන් යානා සහ බට පිරිස් ස්ථානගත කිරීමට පියවර ගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි. 03 June 2024
ශ්රී ලංකාව ලකුණු 77 කට සීමාවෙයි නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර නිව්යෝක්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල ඕවර 19.1 කදී ලකුණු 77 කට සීමා විය. 03 June 2024
විස්සයි20 ලෝක ශූරයන්ට ඇදහිය නොහැකි තෑගි මල්ලක් ඇමෙරිකාවේදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදල් ත්යාගයක් පිරිනමන බව අන්තර්ජාතික ක්රිකට් සභාව අද (3) පස්වරුවේ නිවේදනය කළේය. 03 June 2024
කොළඹ ජනතාවට බොර වතුර කලටුවාව ජාල පවිත්රාගාරයේ සිට දිවෙන ප්රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර හේතුවෙන් ගැලවී යෑමෙන් කොළඹ සහ අවට ප්රදේශ රැසකට බොරපැහැ ජලය ලැබෙන බව ජනතාව පවසති. 03 June 2024
’’තිලංග ගැන අධිකරණයට කරුණු කියයි!’’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා යැයි කියාගන්නා හිටපු නියෝජ්ය කතානායක තිලංග සුමතිපාල මහතා පිළිබඳව නුදුරු දිනයකදී අධිකරණයට කරුණු වාර්තා කරන බව එම සන්ධානයේ හිටපු මහ ලේකම් අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය 03 June 2024
ගංවතුරට මන්ත්රීවරුත් කොටුවෙති ගංවතුර තත්වය හේතුවෙන් සමහර මන්ත්රීවරුන්ටද පාර්ලිමේන්තු රැස්වීම්වලට මේ සතියේ සහභාගිවීම අවිනිශ්චිත වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 03 June 2024
ගම්පහ - කැළණිය කළාපයේ සියලු පාසල් වහයි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගම්පහ සහ කැළණිය අධ්යාපන කළාපවලත් කඩුවෙල අධ්යාපන කොට්ඨාශ තුළත් තිබෙන සියලු පාසල් හෙට (04) දිනයේතු වසා තැබෙන බව අධ්යාපන අමාත්යංශය කියයි 03 June 2024
35,000කගේ විදුලිය බිඳ වැටිලා අයහපත් කාලගුණයේ බලපෑමෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධික සංඛ්යාවක් වාර්තා වී ඇති බවත් අනාරක්ෂිත තත්වය හේතුවෙන් කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ යන ප්රදේශ තුනේ පමණක් විදුලි විසන්ධි කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය අද (3) පස්වරුවේ පැවසීය. 03 June 2024
දුම්රිය මඟේ බස් පැද වූ රියදුරා රිමාන්ඩ් අවිස්සාවේල්ල තුම්මෝදර ප්රදේශයේදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයක ධාවනය කළ සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළ බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 03 June 2024
දුම්රිය උමගේ ගැටි විදේශිකයෙක් මරුට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් විදේශිකයෙකු දුම්රිය උමගේ ගැටි (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය. 03 June 2024
ගංවතුර මැද්දේ හස්තියෝ දිය කෙළියේ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ අවට ජනාකීර්ණ ප්රදේශ වන කොළොන්නාව, කඩුවෙල, බියගම, මල්වාන ආදි දිවයිනේ බොහෝ ප්රදේශ ජලයෙන් යටවී තිබේ. 03 June 2024
කොළඹ - බදුල්ල දුම්රියක් කොටගලදී පීළි පනියි කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන සීග්රගාමි දුම්රිය අද (3) පස්වරුවේ කොටගල - හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පීළිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 03 June 2024
වර්ෂාව අඩුවුවත් ගංවතුර අවධානම තවදුරටත් ඉදිරි දින කිහිපය තුළ පවතින අධික වර්ෂාපතනය ක්රම ක්රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. 03 June 2024
එජාප කමිටුවකට මද්දුමබණ්ඩාර පත් කරයි දේශපාලන සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එජාප කෘත්යාධිකාරී මණ්ඩලයෙන් පත් කළ පාර්ලිමේන්තු මන්ත්රී කමිටුවක් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ද ඇතුළත් කර ඇත. 03 June 2024
රත්නපුර - පානදුර මඟේ ගමන් ඉංගිරියෙන් නවතී කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඉංගිරියට නුදුරු නම්බපාන ප්රදේශය මේ වනවිට දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී ඇති අතර, මේ හේතුවෙන් රත්නපුර - පානදුර ප්රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ. 03 June 2024
ඉන්දියාවේ මැතිවරණ නිලධාරීන් 33 ක් මැරිලා ඉන්දීය මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්යස්ථානවල, මැතිවරණ රාජකාරි කළ මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු අධික උණුසුම දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් ව ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි. 03 June 2024
අල්ලස් ගත් විදුහල්පති යළි රිමාන්ඩ් දිවා ආහාර ටෙන්ඩරය ලබාදීම සඳහා තුටු පඩුරක් ලෙස රුපියල් තිස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි සැකයට අත් අඩංගුවට පත් ඇහැලියගොඩ (දෙමළ විද්යාලයේ) ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයා ලබන 11 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද(03) නියෝග කළේය. 03 June 2024
හදිසි අමාත්ය මණ්ඩල සංදේශයක් අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමින් සහ ත්රිවිධ හමුදාවේ සහය ඇතිව යළි ඉදිකර දීම වෙනුවෙන් අද සවස හදිසි අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. 03 June 2024
’’කඩා වැටුණු රටක් මුක්කු ගසා නැගිට්ටන්න බෑ’’ සෑම ක්ෂේත්රයක්ම කඩා වැටුණු රටක් මුක්කු ගසා නැගිටවිය නොහැකි යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවසීය 03 June 2024
ගං වතුරෙන් බැටකන සතුන්ට ජපානෙන් ඖෂධ ගංවතුර නිසා පශු සම්පත් වලට ඇතිවිය හැකි රෝග වලින් ආරක්ෂා වීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) රුපියල් ලක්ෂ 80 ක ඖෂධ පිරිනමා තිබේ. 03 June 2024
ජනපති ගංවතුර පීඩා බලන්න යයි අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වන විට කොළඹ, කොළොන්නාව ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටී. 03 June 2024
සනත් ජයසූරියගේ මව අභාවප්රාප්ත වෙයි ශ්රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයෙක් වන ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උපදේශක සනත් ජයසූරිය මහතාගේ මෑණියන් වන බ්රීඩා ජයසූරිය මහත්මිය අභාවප්රාප්ත වූවාය. 03 June 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026