අධිවේගී මාර්ගයට ප්‍රවාහන බලපත් වැරදි පාරෙන් දී රජයට පාඩු කළැයි හිටපු සභාපතිට ඇප බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අධිවේගී මාර්ගයට මගේ ප්‍රවාහන බලපත්‍ර දෙකක් ලබා දී රජයට රුපියල් 41 60 000.00 පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 15 September 2026
ලබන ජුනි වන විට ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් අරඹන්නැයි නියෝග පසුගිය වසරවල සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර සටහන් නිරීක්ෂණය කිරීමේදී සෑම වසරකම ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් ලබන වසරේ ජූනි මාසයට පෙර සිටම විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් දුන්නාය. 15 September 2026
දෙහිවල දෙදරු ඝාතනයේ බෝම්බකරු ත්‍රීරෝද රථ රියැදුරා මාට්ටු අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවෙසක නිදා සිටි දරුවන් දෙදෙනකු මරා දැමූ සිද්ධියේ අත් බෝම්බය එල්ල කළ ප්‍රධාන සැකකරු සහ ත්‍රී රෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 15 September 2026
මොන බලපෑම් ආවත් දූෂිතයන්ට අකුරට නීතිය ප්රජාතන්ත්රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩ නඟන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 15 September 2026
ආපදා වලට මූණ දෙන්න පෙරහුරු වැඩමුළු තියන්න යයි වැසි තත්ත්වය හමුවේ ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට අවදානම් ප්‍රදේශවල පෙරහුරු වැඩමුළු පැවැත්වීමට 15 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැක කාන්තා රැඳවියන් 17 අධිකරණයට මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී පොදුදේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කළ මීගමුව බන්ධනාගාරයේ කාන්තා ෙ රැඳවියන් 25 දෙනා 17 වැනිදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළාය. 15 September 2026
නුවරඑළියේ පෝනියන් නිදැල්ලේ යැවීමෙන් අනතුරු ඉහළට නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන අවස්ථාවල සංචාරකයන්ව පෝනියන් පිට රැගෙන ගොස් ආදායම් ලබන පෝනියන්ගේ අයිතිකරුවන් බව පැවසෙන පිරිස සංචාරකයන් නොමැති අවස්ථාවල පෝනියන්ව අයාලේ යෑමට අතහැරීමෙන් සත්ව හිංසනයක් මෙන්ම පරිසර හානියක් සිදු වන බව නුවරඑළිය ප්‍රදේශවාසීන් කියා සිටියි. 15 September 2026
හෝමූස් නැවක් ඉරාන බෝම්බ උගුලක පැටලිලා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ නෞකාවක් ඉරානය මුහුදු අටවා තිබූ බෝම්බයක ගැටී පිපිරී ගිනිගත් බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේය. 15 September 2026
පුංචි ලෝකාන්තයට තරුණයෙක් වැටේ උඩදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ පුංචි ලෝකාන්තය ලෙස හඳුන්වන මහා ප්‍රපාතයකට මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු වැටී ඇතැයි පොලිසිය කියයි. 15 September 2026
ග්‍රෑන්ඩ්පාස්-ස්ටේඩියම් ගම ජනතා අයිතියට කොළඹ නාගරික ජනතාවට නිවාස පහසුකම් ලබාදීම වෙනුවෙන් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම ’’Port View Residencies’’නව මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම අද (15) සිදු කෙරිණ. 15 September 2026
මැදපෙරදිග ගැටුම් නිසා තෙල් මිල තවමත් අහස උසට ඇමෙරිකා - ඉරාන යුද්ධය සහ හූති - සෞදි ගැටුම් හේතුවෙන් නැව් සඳහා භාවිත කරන ඉන්ධන මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ගෝලීය වෙළෙඳපොළ දත්ත වාර්තා පෙන්වා දුන්නේය. මැද පෙරදිග අර්බුදය හේතුවෙන් දිනකට යුරෝ මිලියන 340 ක මුදලක් අමතර ඉන්ධන වියදම ලෙස දැරීමට සිදුව ඇතැයි එම දත්ත වාර්තාවල දැක්වේ. 15 September 2026
විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය 2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 September 2026
පොදු රඳ මඬුලු පාර්ලිමේන්තු කලාපීය සමුළුව ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 8 වන ආසියානු කලාපීය සමුළුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අග්නි දිග ආසියානු කලාපිය 3 වන ඒකාබද්ධ සමුළුව පැවැත්වීම සඳහා සත්කාරකත්වය සැපයීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 September 2026
මහජන සෞඛ්‍ය නංවන්න ව්‍යාපෘති 39ක් මහජන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 September 2026
’ළමා දින ජාතික සතියක්’ ප්‍රකාශයට ’ළමා දින ජාතික සතියක් ’ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 15 September 2026
ශ්‍රී ලංකන් වෙත යටිතල පහසුකම් දෙන්න නව කොන්ත්‍රාත්තුවක් සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ගෝලීය ජාල යටිතල පහසුකම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 15 September 2026
ප්‍රධාන වැව් රක්ෂිත ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියටත් තෝරා ගත් ප්‍රධාන වැව් වලට අයත් සීමාවන් සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 15 September 2026
වී මිලදී ගැනීමට මණ්ඩලයට අතිරේක අරමුදල් වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත අතිරේක අරමුදල් සලසා දීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව ඇත. 15 September 2026
රවිට - ශානිට එරෙහිව පැමිණිලි කළාට පොලිසියට වන්දි ගෙවන්න වෙයි පාස්කු ප්‍රහාර සිද්ධියට මහජන ආරක්ෂක ලේකම් රවි සෙනෙවිරත්න සහ රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරු වගකිවයුතු බවට පොලිස් මූලස්ථානයට පැමිණිලි කළ පොලිස් නිලධාරින් ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස පැමිණීලි කළ එවකට රහස් පොලිසියේ සමුහ ඝාතන අංශයේ ස්ථානාධිපති ඉන්දුක සිල්වා මහතාට රුපියල් 10 000/- බැගින්ද විශ්‍රාමික නියෙජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාට රුපියල් 50000/- බැගින්ද වන්දි ගෙවීම 15 September 2026
අධිවේගේ ආසන පටි නීතිය ලබන 20 සිට තදින්ම අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. 15 September 2026
බේරුවල ප්‍රා.සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සංජීව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 15 September 2026
රුමේෂ් තරංගට රජයේ වියදමින් හෙල්ල කට්ටලයක් ලෝක ශූර රුමේෂ් තරංගගේ හානියට පත් හෙල්ල වෙනුවෙන් අලුත් හෙල්ල කට්ටලයක් රජයේ වියදමින් කඩිනමින් ලබාදීමට පියවර ගත් බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. 15 September 2026
ජාත්‍යාන්තර භෞතචිකිස්සක දිනය සමරා ලෝක භෞතචිකිත්සක දිනය වෙනුවෙන් පැවති ජාතික සැමරුම් උත්සවයට සමගාමීව පොළොන්නරුව ශික්ෂණ රෝහලේදී ද සැමරුම් උත්සවයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවැත්විණි. 15 September 2026
සැමියා අල්ලන්න ගිය පොලිසියට බිරිය කැත්තකින් කොටන්න හදලා හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරමින් සිටි ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට එම නිවසේ සිටි බිරිඳ විසින් කැත්තකින් කොටන බවට මරණ තර්ජනය කරමින් ආරවුල් සහගත තත්ත්වයක් ඇති කළැයියි කියන සිද්ධියක දී, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් තුන් දහස් දෙසීයක් සමඟින් එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කියයි. 15 September 2026
අස්වැසුම දීමනාව හෙට බැංකුවට සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි 15 September 2026
ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා 10,000ක් දක්වා ලබාදීම සඳහා වන නව අවබෝධතා ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකාව සහ තායිලන්තය පසුගියදා අත්සන් තැබුවේය. 15 September 2026
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ්ගේ හෙලි පහම ගුවන් යානයේදී දෙකට කැඩිලා තමන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළට එන්නේ ඉතාම සතුටින් වුවත් , අද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණියේ ඉතා කනගාටුවෙන් බව හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය. 15 September 2026
කොළඹ - කළුතර පවුල් ලක්ෂ පහකට වතුර දෙන්න ව්‍යාපෘතියක් අරඹයි රුපියල් බිලියන 73 ක් වියදම් කරමින් කළුතර–කොළඹ ජල සැපයුම ලබා දීමේ ව්‍යාපෘතියකට රජය මුල පුරා තිබේ. 15 September 2026
සා:පෙළ විෂයයන් 7කට බස්සයි ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරිමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ , සාමාන්‍ය පෙළ විභාගයේ සමස්ත විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා සීමා කිරීමට සැලසුම් කර ඇත. 15 September 2026
නීතියට ගරු කරන පරපුරක් හදනවා නීති ගරුක සහ ශික්ෂිත පරපුරක් නිර්මාණය උදෙසා අධ්‍යාපන ක්ෂේත්රයේ යටිතල පහසුකම් ප්‍රවර්ධනයට රජයේ පූර්ණ සහය දෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 15 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026