
(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
තමන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළට එන්නේ ඉතාම සතුටින් වුවත් , අද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණියේ ඉතා කනගාටුවෙන් බව හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.
ඔහු එසේ පැවසූවේ සිය ජයග්රහණයන් සදහා භාවිතා කළ හෙල්ල 05 ම ඔහු පැමිණි ගුවන් යානය තුළ දී කැඩී තිබීමයි .
ඔහු ලෝක වාර්තා තැබූ එනම් හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී මීටර් 91.09 ක් විසි කළ හෙල්ල , ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර දී මීටර් 92.07 ක් දුර විසි කල හෙල්ල ඇතුළු , ඔහු භාවිතා කරන හෙල්ල 05 ම කැඩී තිබීමයි .
ඔහු මෙම හෙල්ල මෙම වසරේ පැවැත්වෙන ආසියානූ ශූරතා තරගාවලියට එළඹෙන 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලිය සහ 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සදහා ද භාවිතා කිරීමටත් , ඉන්පසු ඒවා සිහිවටන ලෙස තමා සන්තකයෙහි තබා ගැනීමටත් රුමේෂ් තරංග සැළසුම් කර ගෙන තිබුණි .
මෙසේ කැඩී බිදී ගොස් තිබූ හෙල්ල පිළිබද , තුර්කි ගුවන් සේවයට එරෙහිව රුමේෂ් තරංග විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි .
ඔහු පිළිගැනීම සදහා රුමේෂ් තරංගගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් , ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහ ඔහු සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විසිකරන විදිහට කැඩෙන්නැතුව තියෙයිද?
සුභ පැතුම්! ලංකාවට ආඩම්බරයක්! ගුවන් සමාගමින් ඒවාට ඉන්ෂුවරන්ස් තියෙන හින්දා අලුතින් ලැබෙයි.
ඕවා නිකම් "කුරුඳු දර පොලු" ගෙන්න වගේද ගේන්නේ? ශක්තිමත් පෙට්ටියක් හෝ බම්බුවක් වගේ කවර තියෙනවා. විශාල ප්‍රමාණයේ භාණ්ඩ සෑම ගුවන් යානා මගින්ම බාර ගන්නවා. සර්ෆින්ග් බෝඩ් හිටන් අරගෙන එනවා. සුදුසු දෙයක් ක්‍රියාත්මක කල යුතුයි ප්‍රමාද නොවී.
හුඟක් වෙලාවට මේක සැලසුමක් වෙන්න පුළුවන්. මොහුගේ ගමන අදාළ කරන්නේ... ඉතාම කනගාටුයි...
මෙව්වා කැත වැඩ. ඔබගේ ජයග්‍රහණය පිළිගන්න සූදානම් නැති කවුරුහරි ඉරිසියාවට කරපු වැඩක්. ජාත්‍යන්තර ගුවන් සේවා සංගමයට පැමිණිල්ලක් කළොත් හොඳ නැද්ද?
අපූරු වැඩක්නේ .. මේවා කෙසේ කැඩුණාද? වහාම සොයා බැලිය යුතුයි.
මම 2020 ඉඳන් ඔය ජරා ලයින් එකේ යන්නේ නෑ. ඉස්තාන්බුල් එයාපොට් එකත් පෙනුම විතරයි. මහ ජරා ස්ටාෆ් එකක් ඉන්නේ. මගේ බෑග් එක කඩලා බඩු අරන් තිබුනා ගමන් වාර දෙකකදීම. පැමිණිලි කලාට වැඩක් නෑ. එදා ඉඳන් මොන තරම් ලාබ උනත් යන්නේ නෑ. මේ රුමේෂ් ගේ හෙල්ල කඩපු එකට ලංකාවේ උසාවියේ නඩුවක් දාල ඩොලර් වලින් වන්දි ඉල්ලන්න ඕන. මොන තරම් වටින හෙල්ල 5ක් ද මුන් විනාශ කරලා තියෙන්නේ. නිකන් නම් අතාරින්න හොඳ නෑ. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එයාර්ලයින් එකට විරුද්ධත්වය දක්වන්න ඕන.
හෙල්ලයක වටිනාකම නොවෙයි දෑවැන්ත වන්දියක් ලබාගත යුතුයි. මෙය ඔබේ ඉදිරි මග අවුරා දැමීම සඳහා කල කුමන්ත්‍රණයක් සහ සාපරාධි ක්‍රියාවක්.
මෙය ගමන් මලු හසුරුවන කාර්ය මණ්ඩලයේ අන්ත නොසැලකිලිමත්කමකි. කොතරම් වගකීම් විරහිත ක්‍රියාවක්ද? මේවා ආරක්ෂා කර තබා ගැනීමට සුදුසු ජාතික වස්තූන්ය.
ඉබේ “කැඩිල” නෙවෙයි කඩලා. අපේ රටේ වීරයො පිලිගන්නෙ ඔහොම තමයි. පුදුම වෙන්න එපා.