
(අංජුල මහික වීරරත්න)
ලෝක ශූර රුමේෂ් තරංගගේ හානියට පත් හෙල්ල වෙනුවෙන් අලුත් හෙල්ල කට්ටලයක් රජයේ වියදමින් කඩිනමින් ලබාදීමට පියවර ගත් බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලිය (World Athletics Ultimate Championship) සහ ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය (Diamond League Final) ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තරය හමුවේ මව්බිම ඉහළින්ම ඔසවා තැබූ සුපිරි ජැවලින් ශූර රුමේෂ් තරංගට ගුවන් ගමනේදී වූ උපකරණ හානිය පිළිබඳව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සෘජු අවධානය යොමුවීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
හංගේරියාවේ බුඩාපේස්ට් නුවර සිට පැමිණි ගුවන් ගමනේදී රුමේෂ් සතු ජාත්‍යන්තර ප්‍රමිතියේ වටිනා හෙල්ල 5ම කැඩී බිඳී හානියට පත්වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් වී ක්‍රීඩකයාගේ ඉදිරි පුහුණුවීම් කටයුතු වලට කිසිදු බාධාවක් වීමට ඉඩ නොතබා රජයේ පූර්ණ වියදමින් අතිනවීන හෙල්ල කට්ටලයක් (New Javelin Set) කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය.
එමෙන්ම ගුවන් ගමනේදී සිදුවූ මෙම බරපතළ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවය වෙතින් වන්දි ලබාගැනීම සහ ඉදිරි නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.
ඉදිරි ආසියානු ශූරතාවලිය සහ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මව්බිමට රන් පදක්කමක් දිනාදීමේ ප්‍රධානතම බලාපොරොත්තුව වන රුමේෂ් තරංගගේ ක්‍රීඩා ගමන වෙනුවෙන් අවශ්‍ය සියලුම රාජ්‍ය අනුග්‍රහය සහ පහසුකම් නොපසුබටව ලබාදීමට කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජරා ගුවන් සේවය ඔහොමම තමයි. මගේ බෑග් එක ඉස්තාන්බුල් එයාර්පෝට් එකේ දි කඩලා බඩු අරන් ඩැමේජ් කරලා තිබුනා දෙපාරක්ම 2020 දී. එදා ඉඳන් මේ වෙනකල් මොන තරම් අඩු ගනන් ටිකට් තිබුනත් යන්නෙ නම් නෑ. මේ සිද්ධිය අනිවාර්්යෙන්ම උසාවි දාල ඩොලර් වලින් වන්දි ගන්න ඕන. ලෝක ශූරතාවයක් දින්න හෙල්ල කට්ටලයක් මිල කරන්න බෑ. කාලකන්නි ගුවන් සේවයක් ඒ වගේම තමා ඉස්තාන්බුල් එයා්ර්පොට් සේවකයොත් මගීන් ගැන කිසිම හැඟීමක් නැති මෙලෝ රහක් නැති සෙට් එකක්. කරුණාකරලා මේ සිද්ධිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැමිණිලි කරන්න.
අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්.. ජයවේවා!