පාකිස්තානයට ලකුණු 289 ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් රැස්කළේය. 14 November 2025
පලනි ජීවන් මනෝ රාදක්‍රිෂ්ණන් අයවැයට පක්ෂව ඡන්දය දෙති අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන් පලනි දිගම්බරම් සහ වී .රාදක්‍රිෂ්ණන් යන මහත්වරුන්ද ජාතික වතු කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් මහතාද ඊට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂ සිද්ධියක් විය. 14 November 2025
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (14) වැඩි ඡන්ද118කින් සම්මත විය. 14 November 2025
පාකිස්තානය පන්දු යැවීම තෝරාගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ පාකිස්තානු පිලේ නායක සල්මන් අගා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. 14 November 2025
ටිල්වින්- බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී අද(14)පැවැත්විණි. 14 November 2025
හඳුන්නෙත්තිට දුඹුරු සීනි පියා නාමය දුඹුරු සීනි සහ උක් සීනි ආශ්රිත නිෂ්පාදන රටේ ප්‍රචලිත කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් මේ හේතුවෙන් අද ඇතැම් මාධ්‍ය තමා දුඹුරු සීනි පියා ලෙස හඳුන්වා ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
ජනපති -දෙමළ මන්ත්‍රී හමුවක් ජනපති සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීවරුන් අතර හමුවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානිකම් මහතා (ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
බීමත්ව රාජකාරි කළ දුම්රිය වෘත්තීය සමිති නායකයා මාට්ටු කොල්ලුපිටිය උත්තරානන්ද දුම්රිය හරස් මාර්ග දුම්රිය ගේට්ටූවේ ක්‍රියාකරු ලෙස කටයුතු කරමින් සිටි වෘත්තීය සමිති නායකයෙක් මත්පැන් පානය කර රාජකාරි කරමින් සිටියදී ඊයේ (13) රාත්‍රියේ බාරයට ගත් බවත් ඔහු මත්පැන් පානය කර සිටි බවට තහවුරු වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පැවසීය. 14 November 2025
වරායෙන් පිට කරපු කන්ටේනර්වල තිබ්බේ ආයුධ: අර්චුනා නැවත කියයි වරායෙන් පිට කරපු කන්ටේනර්වල තිබුණේ අවි ආයුධ බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද (14) නැවතත් පැවසීය. 14 November 2025
උඩුදුම්බර පිහි ඇනුමකින් 7 ක් තුවාල උඩදුම්බර පොලිස් වසමේ මැදමහනුවර ගලේකැලේ ප්‍රදේශයේදී රොටී කඩේකදී ඇතිවූ බහින් බස් වීමකින් පසුව , පුද්ගලයෙකු විසින් එහි සිටි කාන්තාවන් සිවු දෙනෙකුට සහ පිරිමි තිදෙනෙකුට පිහි ප්‍රහාර එල්ල කිරීම නිසා බරපතළ තුවාළ ලද එම තුවාළකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව උඩදුම්බර පොලීසියේ නිලධාරියෙක් කීය. 14 November 2025
හල්ඔළුවට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුවට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (14) නියෝග කළේය . 14 November 2025
පොලිස් චක්‍රලේඛය ගැන ඇමති කතා කරයි කිසිදු අයුරකින් මාධ්‍යයට තොරතුරු වසන් කරන්නේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
සංවර්ධනයේ ප්‍රගතිය සියයට 58යි ආණ්ඩුවේ සංවර්ධනයේ ප්‍රගතිය සියයට 58ක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
ගෝනවල පාළු ගේකින් ගිනි අවියක් උණ්ඩ මතුවෙයි අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, උණ්ඩ 3 ක් ගෝනවල පාළු ගොඩනැගිල්ලක සගවා තිබියදී සොයාගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 14 November 2025
ඉන්දියාව එක්ක අත්සන් තැබූ ගිවිසුමේ පිටපතක් දෙන්න ඉන්දියාව සමඟ ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුමේ පිටපතක් හැකි නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ) මාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
අවුරුදු විසි හයට වැඩි දරුවන්ටත් අනත් දරු විශ්‍රාම වැටුප වයස අවුරුදු විසි හයට වැඩි අවිවාහක මවුපියන් මියගිය දරුවන් වෙනුවෙන්ද අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 14 November 2025
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී විශ්‍රාම යයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ විශ්‍රාම ලැබුවේය. 14 November 2025
කතානායකගෙන් මන්ත්රීලාට අවවාදයක් ඇතැම් මන්ත්‍රීවරුන් උත්තරීතර සභාවේ ගෞරවයට හානි වන ආකාරයේ අශෝභන වචන නිතර පාවිච්චි කරන බව නිරීක්ෂණයවී ඇති හෙයින් එවැනි වචන භාවිතයෙන් වළකින ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (14) ඉල්ලීමක් කළේය. 14 November 2025
සුවසැරිය ගිලන් රථ බල ඇණිය 500ට නංවයි සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නිරීක්ෂණට ලක් කළේය. 14 November 2025
හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය. 14 November 2025
පදියතලාව අයවැය පරාදයි අම්පාර පදියතලාව ප්‍රාදේශීය සභාවේ, ජාතික ජන බලවේගයේ මංගල අයවැය අද දින පරාජයට පත්විය. 14 November 2025
ලක්ෂ 20ක අයිස් සමඟ දෙන්නෙක් අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි දනුෂ්ක ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු රුපියල් 20 ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 14 November 2025
අයවැය කියෙව්වෙ ජේ.ආර් ගෙ මුණුපුරා ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරන විට තමාට තේරුම් ගියේ ජේ.ආර්.ගේ මුණුපුරා පැමිණ අයවැය ඉදිරිපත් කරන ස්වරූපයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
අපි සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ ජාතික ජන බලවේගය යනු සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර නොගන්නා ආණ්ඩුවක් වන හෙයින් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා:-(ජා.ජ.බ) අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය. 14 November 2025
අම්බලන්ගොඩ නගර සභා රැස්වීම දැඩි රැකවල් මැද අම්බලන්ගොඩ නගර සභාවේ කල් තබන ලද මාසික සභා රැස්වීම පොලිස් රැකවල් මධ්‍යයේ අද (14) පැවැත්විණි. 14 November 2025
බඹරුඇන සරසවි සිසුන් 6 ක් රෝහලේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසීය. 14 November 2025
හල්ඔළුව අධිකරණයට එයි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ළද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව අධිකරණයට බාරවීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. 14 November 2025
පර්යේෂණ වලට ආචාර ධර්ම පද්ධතියක් පර්යේෂණ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය. 14 November 2025
දින 15කදී මත් වැරදි කරුවෝ 16738ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 16738ක් ඉකුත් දින 15 කදී කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 14 November 2025
සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති ධුරයට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද (14) සිට පත්කර ඇත. 14 November 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026