විදුලි බිල අඩු කරන්නේ මුදල් අමාත්යංශයේ උපදෙස් මතයි මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මුදල් අමාත්යංශයේ උපදෙස් අනුව ක්රියාත්මක වන බව බලශක්ති අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (17) පස්වරුවේ පැවසීය. 17 January 2025
‘ලෙකෝ’ විදුලි බිලට පෙර ගෙවුම් ක්රමයක් ලංකා විදුලි පෞද්ගලික සමාගම හේවත් ‘ලෙකෝ’ සමාගම විදුලි බිල් ගෙවීමේ පෙර ගෙවුම් ක්රමයක් ලබන මාර්තු මස වන විට හදුන්වා දෙන බවත් එම සමාගමේ පාරිභෝගිකයන් ගාස්තු කාණ්ඩ දෙකක් යටතේ පමණක් වෙන්කර ඇති බවත් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා අද (17) පැවසීය. 17 January 2025
ත්රස්ත ප්රහාරයකට සැරසුන සැක 3ක් රිමාන්ඩ් ඊශ්රායෙල් ජාතික සංචාරකයින් රැඳී සිටි ආරුගම්භයේ සංචාරක කලාපය ඉලක්ක කර ගනිමින් ත්රස්ත ප්රහාරයක් එල්ල කිරීමට දෙස් විදෙස් ත්රස්තවාදීන්ට ආධාර අනුබල දුන්නේ යැයි දින 90ක් ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්රශ්න කළ සැකකරුවන් තිදෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (17) නියෝග කළේය. 17 January 2025
දුම්රිය රියදුරු විභාගයෙන් මගීන් පීඩාවට දුම්රිය රියදුරු දෙවන ශ්රේණියේ සිට පළමු ශ්රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට ලක්විය. 17 January 2025
බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත් බී.බී.සී නාලිකාවේ මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතර ශ්රී ලංකාව තේරී පත්වෙමින් 9 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බී.බී.සී නාලිකාව මෙම ශ්රේණිගත කිරීම ඉදිරිපත් කළේය 17 January 2025
කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 05 වැනිදා විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය අද (17) දින නියම කළේය. 17 January 2025
විදුලි බිල සියයට 20කින් පහත දමයි විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 20 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඇතැම් පාරිභෝගික කණ්ඩවලට සියයට 30 කට වැඩි විදුලි ගාස්තු අඩු වීමක් වන බවත් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සංනිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා අද (17) පැවසීය. 17 January 2025
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ ග්රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී මෝටර්ට්රොලියක් අද (17) දහවල් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල සිට කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 17 January 2025
රත්මලානෙන් නාදුනන කාන්තා මළසිරුරක් රත්මලාන ලුනාව ඇල ව්යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය. 17 January 2025
ආයුර්වේද ඖෂධවලට ප්රමිතිය අනිවාර්යයි ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ප්රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය අනිවාර්ය විය යුතු යැයි සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 January 2025
චීනයේ සතුටුම නගරයට ජනපති යයි චීනයේ සිව් දින රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව අද (17) පෙරවරුවේ සිදුවිය. 17 January 2025
දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය හෙට දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද අයැදුම්කරුවන් සඳහා වන විභාගය හෙට (18) කොළඔ 10, ආනන්ද විද්යාලයේ දී පැවැත්වීමට නියමිතය. 17 January 2025
සෞදි තානාපති අගමැතිනිය හමුවෙයි ශ්රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලීඩ් හමුවුඩ් නසීර් අල්කටානි සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්රධාන නිරීක්ෂක හා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්රී ජොසේ ඉග්නසිඕ යන මහත්වරු අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්රාමාත්ය කාර්යාලයේ දී හමුවූහ. 17 January 2025
වී ගබඩා අඩුපාඩු නසන්න ත්රිවිධ හමුදා තාක්ෂණික සහය මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ වී අලෙවි මණ්ඩලය, සතොස සතු අඩුපාඩුකම් සහිත ගබඩා අලුත්වැඩියා කිරීමට ත්රිවිධ හමුදා තාක්ෂණික දැනුම හා ශ්රම දායකත්වය ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්යාංශය වෙත උපදෙස් ලබා දී ඇත. 17 January 2025
ඉහළ කොත්මලේ සැඟවුණු සිව්හැවිරිදි දරුවාගේ සිරුර සොයා ගැනේ ඉහළ කොත්මලේ ජලාශයට වැටී අතුරුදහන් වී සිටි වයස අවුරුදු හතරක කුඩා දරුවාගේ මළසිරුර ජලාශය පතුලේ සිරවී තිබිය දී අද (17) දහවල් සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි. 17 January 2025
ගෝඨාභය රාජපක්ෂ සීඅයිඩි.යට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17)වන දා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. 17 January 2025
ගංවතුරෙන් කිලිනොච්චියේ පවුල් 245ට පීඩා උතුරට බලපෑ අධික වැසි සමඟ කිලිනොච්චිය ඉරණමඩු ජලාශය පිටාර ගැලීමෙන් ඉරණමඩු ජලාශය අවට පහත් බිම්වල පවුල් 245ට අයත් පුද්ගලයින් 660කු පීඩාවට පත්ව සිටින බව කිලිනොච්චිය දිස්ත්රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සඳහන් කරයි. 17 January 2025
දුම්රිය රියදුරෝ වර්ජනයක දුම්රිය රියදුරු අසනීප නිවාඩූ වාර්තා කිරීම හා තවත් රියදුරන් පිරිසක් ද්විත්ව සේවා වාරවල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් අද(17)වන දින ධාවනය කිරීමට නියමිත දුම්රිය ගමන් වාර 62 ක් අවනිශ්චිත තත්වයට පත්ව ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි. 17 January 2025
අල්ලස් සිද්ධියේ සුලෝචන යළි රිමාන්ඩ් නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා ,වන්දි මුදලින් කොටසක් වන ලක්ෂ 283ක මුදලක් ලැබුණු පසුව ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රී සලෝචන ගමගේ හා ඔහුගේ මිතුරෙකු වන ව්යාපාරිකයකු ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(17) නියෝග කළාය. 17 January 2025
අගමැතිනිය ’වතුකරයේ ජනතා හඩ’ සංවිධානය හමුවෙයි අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අග්රාමාත්ය කාර්යාලයේදී පැවැත්විණි. 17 January 2025
කොළඹ - නිට්ටඹුව බස් වර්ජනයක් නිට්ටඹුව සිට කොළඹ ධාවනය වන මාර්ග අංක 180 පුද්ගලික බස් රථ 30 ක් පමණ අද 17 අලුයම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. 17 January 2025
කළුබෝවිල වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ කළුබෝවිල රෝහල පාරේ යතුරු පැදී අමතර කොටස් වෙළඳසලට ඊයේ (16) වෙඩි තැබීමට යොදාගත් ස්කුටි වර්ගයේ යතුරුපැදිය ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ මහරගම මාර්ගයේ සංඥා පුවරුව ආසන්නයේ දමා ගොස් තිබියදී හමු වූ බව කොහුවල පොලිසිය කියයි. 17 January 2025
විදේශිකයන් ගමන් ගත් බසයක් අධිවේගයේදී අනතුරක දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (17) අලුයම 5 ට පමණ විදේශීය සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් සිමෙන්ති ප්රවාහනය කරන ලොරියක ගැටී එක් අයකු මියගොස් දහතුන් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය . 17 January 2025
ප්රශ්න පත්ර බලන්න ගවුම් ඇඳන් ආ ගුරුවරියන් පාසලෙන් එළියට පන්නිපිටිය ධර්මපාල විද්යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ ගුරුවරියන් පිරිසක් විදුහල්පතිනිය ඔවුන් ගේට්ටුවෙන් ඇතුළට නොගැනීම නිසා විභාග මධ්යස්ථානය වසා දැමීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත්තේය. 16 January 2025
බස් යතුරු - පැදි අනතුරින් සිසුහු දෙදෙනෙක් මරුට තඹුත්තේගම නොච්චියාගම මාර්ගයේ බී රනොරාව ප්රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගාලදිවුල්වැව පොලීසිය පවසයි. 16 January 2025
විදුලි බිල අද පහතට විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංකා විදුලි විදුලිබල මණ්ඩලයේ දැඩි තීන්දුවට එරෙහිව යමින් ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලිය ගාස්තු පහත දැමීමේ යෝජනාව ප්රකාශයට පත් කිරීමට නියමිතය. 16 January 2025
පේරේ ශිෂ්ය සංගම්වලට තහනමක් පේරාදෙණිය විශ්ව විද්යාලයේ මහා ශිෂ්ය සංගමය සහ පීඨ ශිෂ්ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හිටුවීමට විශ්ව විද්යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත. 16 January 2025
ණය හිරවූ ව්යවසායකයන්ට සහන පැකේජයක් ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ. 16 January 2025
මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 16 January 2025
බන්ධනාගාර නිලධාරීන්ගෙන් සැකකරුවෝ දෙකක් පනිති උඩුගම අධිකරණයේ පවතින නඩු දෙකකට සම්බන්ධව ගාල්ල බන්ධනාගාරයේ සිට රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී අද 16 සවස පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 16 January 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026