කොළඹ පින්තූර තියාගෙන ඉතාලි තානාපති කාර්යාලය පොටෝ අරං කොළඹ සහ අවට ප්රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 27 October 2024
රසල් අලි ඇතුන් සමග සැමරූ උපන්දිය ජාත්යන්තර ක්රිකට් විස්තර විචාරකයකු වන රසල් ආර්නල්ඩ් මහතා ශ්රී දළදා මාලිගාවේ ඇතගාල තුළදී සිය පනස් එක් වෙනි ජන්මදිනය සැමරුවේය. 27 October 2024
බ්රික්ස් සංවිධානයට කළ ඉල්ලීම ප්රතික්ෂේපයි බ්රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධවීමට ශ්රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා අප පුවත්පතට ප්රකාශ කළේය. 27 October 2024
රංජන්ගේ සම්මේලනයට ආ අයට පොරොන්දු මුදල් දුන්නේ නැතිලු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා නායකත්වය දරණ එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ 27 October 2024
බොරු බෝම්බ බියක් ඇති කළ අයෙක් අත්අඩංගුවට අරුගම්බය ප්රදේශයේ සංචාරයකට පැමිණ සිටි පිරිසක් හට එම ප්රදේශයේ බෝම්බ තුනක් ඇති බවට අසත්ය ප්රකාශයක් සිදුකර බිය ගැන්වීමක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි. 27 October 2024
පේදුරු තුඩුවේ ළිඳක අත් බෝම්බ 11 ක් පේදුරුතුඩුව කොටිටඩි ප්රදේශයේ ළීදකින් අත්බෝම්බ 11 ක් සොයා ගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි. 27 October 2024
පුත්තලම රෝහලට අසාධ්යයි වයඹ පළාත් සභාවට අයත් පුත්තලම මූලික රෝහලේ මළ අප ද්රව්යය හා රෝහල් අපද්රව්ය පරිසරයට එක්වීම නිසා රෝහල් සේවාවනට බධා පැමිණ සෞඛ්යයට ද තර්ජනයක් එල්ලවී ඇති බව රෝහල් සේවකයෝ පවසති. 27 October 2024
විභාග දෙපාර්තමේන්තුවේ හඬ පටිගත කිරීමේ යන්ත්ර 23 ක් අතුරුදන් ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු , හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 27 October 2024
පානදුරේ කරදරකාරී සාදයක් වටලයි පානදුර රස්කින්දූව ප්රදේශයේ දී ජනතාවට පීඩාකාරි ලෙස උපන් දින සාදයක් පවත්වාගෙන ගිය නවාතැන් පලක් වටලා තරුණියක සහ තරුණයන් 21 ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 27 October 2024
මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 716 ක් මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 716 ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 27 October 2024
අනතුරින් හතක් රෝහලේ පුත්තලම කොළඹ මාර්ගයේ පුත්තලම නගරය ආසන්නයේ වනසංරක්ෂක කාර්යාලය අසල අද (27 )දවල් සිදුවු අනතුරකින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව පුත්තලම පොලිසියේ රථවාහන අංශය කියයි. 27 October 2024
‘මේ රජයට රටක් පාලනය කරන්න බැහැ‘ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා කොළඹදී පැවසීය. 27 October 2024
රුහුණු සරසවි ආරක්ෂක නිලධාරියෙක් මුර කුටියේම මිය ගිහින් රුහුණ විශ්වවිද්යාලයේ, ගාල්ල හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ආරක්ෂක නිලධාරියකු ඉංජිනේරු පීඨයේ ආරක්ෂක කුටියක් තුළ මියගොස් සිටිය දී සොයාගත් බව පෝද්දල පොලිසිය පවසයි. 27 October 2024
පාර්ලිමේන්තුවට පත් විය යුත්තේ පළපුරුදු පිරිසක් පළපුරුද්දක් නැති පිරිසක් පාර්ලිමේන්තුවට පත්වුණොත් එයින් රටට යහපතක් වේ යැයි සිතන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක ගම්පහ දිස්ත්රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීගමුවේ දී අද (27) පැවසීය. 27 October 2024
දින 90කින් ආනයනයනික බද්ද නෙගෙවුවොත් බද්දක් වාහනයක් මෙරටට ආනයනය කර දින 90 ක් තුළ එම වාහනය ලියාපදිංචි කිරීමට ආනයනකරු අසමත් වුවහොත් එම වාහනයේ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්රවාහන වටිනාකමින් සියයට 3 කට සමාන මුදලක් බද්දක් ලෙස අයකර ගැනීමට වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කිරීමේ නව රෙගුලාසි යටතේ තීරණය කර ඇත. 27 October 2024
විදුලි සැර වද්දවා සද්ධන්තයා මරා දමලා මන්නාරම පරම්පකණ්ඩාල් ප්රදේශයේදී සද්දන්ත වන අලියකු විදුලිසර වද්දවා මරා දැමු පුද්ගලයකු අද (27) දින සැකපිට අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි. 27 October 2024
මාන්නප්පෙරුමට පක්ෂ 10කින් ආරාධනා තමන් සමඟ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන ලෙසට ඉදිරි මහ මැතිවරණ සටනින් ඉවත් වූ හිටපු අමාත්ය සහ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාට දේශපාලන පක්ෂ දහයකින් ඇරයුම් ලැබී ඇත. 27 October 2024
සිසුවා යොදවා මත් ජාවාරම කරලා 16 හැවිරිදි පාසල් සිසුවෙකු යොදාගෙන සිදුකළ මත්ද්රව්ය ජාවාරමක් එම පාසලේ ශිෂ්ය නායකයන්ගේ තීක්ෂණ භාවය හේතුවෙන් ජාවාරම්කරුද නීතියේ රැහැණට හසුකර ගැනීමට හැකිවූ බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 27 October 2024
ලොව පුරා ලක්ෂ 800ක් සූදුවට ඇබ්බැහිවෙලා ඩිජිටල් විප්ලවයත් සමග අන්තර්ජාලය ඔස්සේ සූදු ක්රීඩාවේ නිරත විය හැකි ක්රම සහ ක්රීඩාවන් සඳහා ඔට්ටු ඇල්ලීමේ ක්රම සිඝ්රයෙන් ව්යාප්ත වීමත් සමග ලොව පුරා ලක්ෂ 800 කට වැඩි පුද්ගලයන් සංඛ්යාවක් සූදු කෙළීමට ඇබ්බැහිවී ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන්ට මානසික සංකූලතාවයන් ඇතිවී ඇති බවත් නවතම අධ්යන වාර්තාවකින් හෙළිවී ඇත. 27 October 2024
අනුරටයි මටයි දෙන්නටම බහුතරය නෑ තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාටම බහුතරය නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීගමුවේදී අද(27)පැවසීය. 27 October 2024
සැකකරු සිරමැදිරියේදී ගෙලවැලලාගන්න හදලා අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු සිර මැදිරියේ යකඩ කූරක එල්ලී ගෙල වැළලා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් එය වළක්වා සැකකරු ජාතික රෝහලට ඇතුළත් ඇතුලත් කර ඇති බව පිටකොටුව පොලිසිය පවසයි. 27 October 2024
රත්නපුර නිවසකට වෙඩි තියලා රත්නපුර පොලිස් වසමේ මාරපන තලංගම ප්රදේශයේ නිවසකට වෙඩි තැබිමක් සිදුව ඇතයි රත්නපුර පොලිසිය පවසයි. 27 October 2024
හිටපු රාජ්ය ඇමැතිවරයකුගේ ඩිපෙන්ඩරයක් අනතුරක හිටපු රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතාට අයත් බව කියන ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් අනතුරට ලක් වී ඇති බව වාරියපොළ පොලිසිය සඳහන් කරයි. 27 October 2024
යතුරුපැදියෙන් වැටුණු දෙදරු මව මරුට තම පුතා සමඟ යතුරු පැදියෙන් ගමන් කළ මවක් යතුරු පැදියෙන් ඇද වැටී බරපතල තුවල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 27 October 2024
ඡන්ද පෝස්ටර් ඇලවූ තිදෙනෙක් අත්අඩංගුවට රංගල , උඩිස්පත්තුව ප්රදේශයේ නීති විරෝධී මැතිවරණ ප්රචාරණ පත්රිකා අලවමින් සිටි තිදෙනෙකු එම පත්රිකා 160 ක් සහ ඔවුන් පැමිණ සිටි වෑන් රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 27 October 2024
කෝටි 10 ක අම්බර් සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටි 10 ක් පමණ වටිනා නිල් තල්මසුන්ගේ අපද්රව්යයක් වන අම්බර් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 27 October 2024
කෝටියේ ඝාතන කොන්ත්රාත්තුව ඔත්තුවෙන් මාට්ටු රුපියල් කෝටියක කොන්ත්රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙකු ගිනි අවියක් සහ ජීව උණ්ඩ හයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 27 October 2024
අණ නොතැකූ රියට වෙඩි බලපත්ර නොමැතිව එළ ගවයින් පටවා ගෙන පොලිස් අණ නොතකා පලායාමට තැත්කල ලොරි රථයකට අද (27) අලුයම වෙඩි තබා එහි සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පැවසීය. 27 October 2024
අ‘පුර රෝහලේ සිව් වැනි මහලින් වැටී රෝගියා මරුට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහචාර්ය ඒකකයේ සිවුවැනි මහලේ 66 වැනි වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු උඩු මහලින් බිමට ඇද වැටිමෙන් මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 27 October 2024
මහ මැතිවරණයේ නිල ඡන්ද පත්රිකා බෙදීම අද සිට එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද පත්රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. 27 October 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026